ශ්‍රී ලංකාවේ තීරණාත්මක මිනිරන් පතල් කොටසක් අත්පත් කර ගැනීමට ඉන්දියාව ලෑස්තියි

තීරණාත්මක ඛනිජ සැපයුම් සුරක්ෂිත කිරීම සඳහා ගෝලීය සන්ධාන ඇති කර ගැනීමේ සැලැස්ම ඉදිරියට ගෙන යමින්, ශ්‍රී ලංකාවේ මිනිරන් පතල් කුට්ටියක් අත්පත් කර ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව The Economic Times වාර්තාවක් පෙන්වා දෙනවා.

තීරණාත්මක ඛනිජ සඳහා හවුල් වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් යෝජනාවක් ලැබී ඇති බව ද එම පුවතෙහි දැක්වෙනවා.

ඉන්දියාවට මිනිරන් ඉතා වැදගත් වන්නේ එය බැටරි නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බැවිනි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මිනිරන් පතල් කොටසක් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වයකින් කටයුතු සිදු වෙමින් පවතින බව එම පුවත්පත වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මිනිරන් 98%කට වඩා වැඩි කාබන් අන්තර්ගතයක් සහිත ලොව පිරිසිදුම මිනිරන් අතර පවතින්නකි.

ඉන්දියාව අනෙකුත් වැදගත් ඛනිජ ලවණ ලබා ගැනීම සඳහා වෙනත් රටවල් සමඟ ද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

කොබෝල්ට් සහ තඹ සඳහා කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සමඟත්, නයෝබියම් සහ මිනිරන් සඳහා ටැන්සානියාව සමඟත්, ග්‍රැෆයිට් සහ ටයිටේනියම් සඳහා දකුණු අප්‍රිකාව සමඟත් ගිවිසුම් අත්සන් කර ඇති බව ද වාර්තා වෙනවා.

Latest News

More like this

චිත්‍රපට හදන්න ලංකාවට එන්න.. විජිතගෙන් ඉන්දියාවට ආරාධනාවක්

ඉන්දීය ආයෝජකයින්ට සහ චිත්‍රපට නිෂ්පාදකයින්ට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට...

රාජ්‍ය බැංකු දෙකක් ප්‍රතිව්‍යුහගත කරයි

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (Housing Development...

වාහන සඳහා උපරිම ණය සීමාව සංශෝධනය වේ

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය...