ස්පාඤ්ඤයේ ජනප්‍රිය අවන්හලක වහලය කඩා වැටීමෙන් බරපතල අනතුරක්

ස්පාඤ්ඤයේ ජනප්‍රිය සංචාරක දූපතක් වන මල්ලෝර්කා (Mallorca) හි අවන්හලක වහලය කඩා වැටීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වී තිබෙනවා.

මියගිය අය හා තුවාල ලැබූ අය අතර විදේශිකයන් කිහිප දෙනෙකුම සිටින බවයි පැවසෙන්නේ.

තුවාල ලැබූවන් අතර හත් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

තවත් නව දෙනෙකුට “බරපතල” තුවාල ඇති බවත්, විවිධ රෝහල්වලට ඔවුන් ඇතුළත් කර ඇති බවත් හදිසි සේවා පවසා තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා පැවසුවේ දෙමහල් ගොඩනැගිල්ල මධ්‍යධරණී දූපතේ අගනුවර වන Palma de Mallorca හි දකුණු දෙසින් Playa de Palma ප්‍රදේශයේ පිහිටා ඇති බවයි.

Latest News

More like this

අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා...

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...