වියට්නාමයේ අගනුවර විශාල මහල් නිවාසයක් ගින්නෙන් අළුවෙයි – 14ක් ජීවිතක්ෂයට

වියට්නාමයේ අගනුවර වන හැනෝයි හි මහල් නිවාස සංකීර්ණයක අද(24) උදෑසන ඇති වූ ගින්නකින් පුද්ගලයන් 14 දෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබූ බව පොලිසිය පවසනවා.

විශ්ව විද්‍යාල කිහිපයකට නිවහන වන වියට්නාමයේ අගනුවර ජනාකීර්ණ දිස්ත්‍රික්කයක් වන Cau Giay දිස්ත්‍රික්කයේ ගොඩනැගිල්ලෙන් එරට වේලාවෙන් අලුයම 2:30 ට පමණ ඇති වූ ගින්නකින් දුමාරය සහ විෂ වායු පිට වු බවයි වාර්තාවල දැක්වෙන්නේ.

ගලවා ගැනීමේ කණ්ඩායම්, පිටත ගේට්ටුවක අගුලු හැර ජනේලයක් කඩා ඇතුළත සිරවී සිටි හත් දෙනෙකු බේරා ගත් බව එම වාර්තාවල සඳහන්.

අසල්වාසීන් පවසන්නේ “රතිඤ්ඤා වැනි” පිපිරුම් හඬවල් ඇසුණ බවත් ඇතුළත සිටින අයගෙන් සහ ඒ අසල ජීවත් වන අයගේ කෑගැසීම් ඇසුණු බවයි.

හැනෝයි පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “ගින්න දැඩි ලෙස වර්ධනය වූ අතර, බොහෝ යතුරුපැදි, විදුලි බයිසිකල් සහ පාපැදි විනාශ වී ගිය බවයි.

දශක දෙකකට පසු වියට්නාමයේ ඇති වූ මාරාන්තික ගින්නෙන්, පසුගිය සැප්තැම්බර් මාසයේදී ද හැනෝයි මහල් නිවාසයක මෙවැනිම ගින්නක් හට ගෙන තිබුණා. එම සිදුවීමෙ පුද්ගලයින් 56 දෙනෙකු මිය ගිය අතර ඔවුන්ගෙන් තිදෙනෙකු ළමයින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෑත වසරවලදී, බොහෝ විට විනෝදාස්වාද ස්ථානවලදී රට තවත් මාරාන්තික ගිනි ගැනීම් කිහිපයක් වාර්තා කළා.

වසරකට පෙර, වාණිජ කේන්ද්‍රස්ථානයක් වන හෝ චි මිං නගරය අසල කැරෝකී බාර් එකක ඇති වූ ගින්නෙන් 32 දෙනෙකු මිය ගිය අතර 17 දෙනෙකු තුවාල ලැබුවා.

Latest News

More like this

ගම්පහට මහා ගංවතුර අනතුරු ඇඟවීමක්

ගම්පහ නගරය හා ඒ අවට අත්තනගලු ඔය සහ උරුවල්...

තුන්වන ලෝක යුද්ධයක බිය මධ්‍යයේ ප්‍රංශය හමුදාව තර කරයි..

රුසියාවෙන් එල්ල වන තර්ජනය සහ යුරෝපා කලාපයේ නව ගැටුමක්...

විවාහයට මාසයකට පෙර හොංකොං ගින්නට දිවි පිදූ ගිනි නිවන භටයා

හොංකොං හි මහල් 31 ක් උස ගොඩනැගිල්ලක ඇති වූ...

ප්‍රධාන ගංගා හයක් ආශ්‍රිතව බරපතල ගංවතුර තත්ත්වයක්.. වහාම ඉවත්වෙන ලෙසට රතු නිවේදනයක්

ප්‍රධාන ගංගා හයක අදාළ ගංගා ද්‍රෝණිවල පහත් බිම් ප්‍රදේශවල...