ෂාරුක් අභිබවා කරීනා Netflix හි අංක එකට. Jaane jaan නැරඹුම් වාර මිලියන 20 පසු කරයි

කරීනා කපූර්ගේ ‘Jaane Jaan’ ෂාරුක් ඛාන්ගේ ‘Jawan’ අභිබවා 2023 වසරේ දෙවැනි භාගයේ දී Netflix India හි වැඩිම පිරිසක් නැරඹූ චිත්‍රපටය බවට පත්ව තිබෙනවා.

Kareena Kapoor සමඟ Vijay Varma සහ Jaideep Ahlawat රංගනයෙන් දායක වූ ‘Jane Jaan’ Netflix ඔස්සේ නිකුත් කෙරුණේ සැප්තැම්බර් 21 වන දින සිටයි.

නිල වාර්තාවලට අනුව, Sujoy Ghosh විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘Jaane Jaan’, ගෝලීය වශයෙන් මිලියන 20.2 ක අතිවිශාල නැරඹුම් වාර ගණනක් නරඹා ඇති බව සඳහන් වෙනවා.

ඒ අනුව එය ෂාරුක් ඛාන්ගේ ආදායම් වාර්තා බිඳ දැමූ Jawan ද අභිබවා 2023 හි Netflix India හි චිත්‍රපට අතර අංක එකට පත්ව තිබෙනවා.

කරීනාගේ පළමු ත්‍රාසජනක චිත්‍රපටය වන Jaane Jaan’ එහි ජාත්‍යන්තර ආකර්ෂණය තහවුරු කරමින් Netflix හි ගෝලීය වශයෙන් වැඩිපුරම නරඹන ලද චිත්‍රපට ලැයිස්තුවේ 83 වන ස්ථානය ලබා ගැනීමට පවා සමත්ව ඇති බවයි පැවසෙන්නේ.

‘Jawan’ ගෝලීය වශයෙන් මිලියන 16.2 ක් නරඹා ඇති අතර Atlee අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටය Netflix හි ගෝලීය වශයෙන් වැඩිම පිරිසක් නරඹන ලද චිත්‍රපට අතර 120 වැනි ස්ථානයේ පසු වෙනවා.

Latest News

More like this

BTS ඉන්දියාවට…

ලෝක ප්‍රකට K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළැඹෙන 2026...

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...