ජපානයේ ජීවත්වන ශ්‍රී ලාංකික සිසුන් ගබ්සාවන්ට පෙළඹීම වැඩිවෙලා – අත් අඩංගුවට ගැනුණු සිසුන් දෙදෙනාගෙන් හෙළිදරව් වන සමාජ ඛේදවාචකය

නීතිවිරෝධී ගබ්සාවක් සම්බන්ධයෙන් ජපානයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ජාත්‍යන්තර සිසුන්ගේ අස්ථායී ජීවන තත්ත්වය මෙම සිදුවීම පිටුපස බරපතල කණස්සල්ලක් මතු කරන බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබෙනවා.

Ibaraki ප්‍රාන්තයේ Toride හි පදිංචිව සිටි ශ්‍රී ලාංකික සිසුවියක් මාස නවයක දරු ගැබක් ගබ්සා කළැයි කියන චෝදනාව මත හා ගබ්සාවට ආධාර කිරීමේ චෝදනාව මත අසල්වැසි Tochigi ප්‍රාන්තයේ ඇගේ පෙම්වතා බව සඳහන් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගත් බව මැයි 23 දින Ibaraki ප්‍රාන්ත පොලිසිය නිවේදනය කර තිබුණා.

පොලිසිය පවසන පරිදි පසුගිය අප්‍රේල් 29 වැනිදා මෙම කාන්තාව සිය බිළිඳා ගබ්සා කිරීම සඳහා ඖෂධ භාවිත කර තිබෙනවා. 30 හැවිරිදි සැකකරුවන් දෙදෙනා එම චෝදනා පිළිගෙන ඇතැයි වාර්තා වෙනවා.

ඔවුන් ගබ්සාවක් ඉල්ලා සිටීමට මාර්තු මස අගදී Tochigi ප්‍රාන්තයේ ප්‍රසව වෛද්‍යවරයකු වෙත ගොස් ඇතත්, ජපානයේ මාතෘ සෞඛ්‍ය පනත යටතේ ගබ්සා කිරීමට අවසර දී ඇති කාලය ඉක්මවා ගිය බැවින් වෛද්‍යවරයා එය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

පසුගිය කාලයේ මේ ආකාරයට ගර්භනී භාවයට පත්ව දරු ප්‍රසූත කළ ඇතැම් සිසුවියන් සිය මව් රටවලට ගිය සිදුවීම් ගණනාවක් වාර්තා වී ඇති අතර තවත් පිරිසක් බිළිඳුන් තම මව් රටවල පවුලේ සාමාජිකයන් වෙත භාර දී අධ්‍යාපන කටයුතු කරගෙන ගිය බව පැවසෙනවා.

මේ අතර, Ibaraki ප්‍රාන්තයේ විදේශිකයන්ගේ රැකියා සහ පාසල් අධ්‍යාපනයට සහාය දක්වන Ibaraki NPO මධ්‍යස්ථානයේ සභාපති Yoshihiro Yokota පෙන්වා දුන්නේ, පාසල් අධ්‍යාපනය මත රඳා පවතින ජාත්‍යන්තර සිසුන්ගේ අස්ථාවර ජීවන තත්ත්වය, නවතම තත්ත්වයට දායක වන්නට ඇති බවයි.

එමෙන්ම ජපාන ආගමන විගමන ක්‍රියාවලිය තුළ විදෙස්ගත ශිෂ්‍යයන්‍ට දරුවන් බිහි කිරීමට අවස්ථාවක් නැති අතර ඔවුන් බොහෝ විට රටින් පිටමං කරනු ඇතැයි බිය නිසා ගබ්සාවට පෙළඹෙන බව ඔවුන් වැඩිදුරටත් පෙපෙන්වා දී තිබෙනවා.

මීට පෙර නේවාසික කාමරවල දරුවන් බිහි කර මළ සිරුරු අත් හැර ගිය සිසුන් අත් අඩංගුවට පත් වූ අවස්ථා ද වාර්තා වු බව මේ අතර සඳහන් වෙනවා.

Latest News

More like this

ගම්පහට මහා ගංවතුර අනතුරු ඇඟවීමක්

ගම්පහ නගරය හා ඒ අවට අත්තනගලු ඔය සහ උරුවල්...

තුන්වන ලෝක යුද්ධයක බිය මධ්‍යයේ ප්‍රංශය හමුදාව තර කරයි..

රුසියාවෙන් එල්ල වන තර්ජනය සහ යුරෝපා කලාපයේ නව ගැටුමක්...

විවාහයට මාසයකට පෙර හොංකොං ගින්නට දිවි පිදූ ගිනි නිවන භටයා

හොංකොං හි මහල් 31 ක් උස ගොඩනැගිල්ලක ඇති වූ...

ප්‍රධාන ගංගා හයක් ආශ්‍රිතව බරපතල ගංවතුර තත්ත්වයක්.. වහාම ඉවත්වෙන ලෙසට රතු නිවේදනයක්

ප්‍රධාන ගංගා හයක අදාළ ගංගා ද්‍රෝණිවල පහත් බිම් ප්‍රදේශවල...