අවුරුදු 75 ක රනිල් වික්‍රමසිංහගෙයි ඒ වයසෙම ඡන්දෙ දීපු සාමාන්‍ය මනුස්සයකුගෙයි අතර පරතරය වෙනස් කරන පාලනයක් හදන හැටි අනුර කියයි

රටේ පාලකයන්ගේ ජීවිතත්, පුරවැසියන්ගේ ජීවිතත් සමාන ලෙස සලකන ආණ්ඩුවක් ජාතික ජන බලවේගයේ රජයක පිහිටුවන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (25) වව්නියා දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් පවසා තිබෙනවා.

වර්තමානයේ පවතින්නේ ඡන්දය දුන් මිනිසුන් දුක් විඳින හා අඩු ආයුෂ භුක්ති විඳින පරිසරයක ඡන්දය ලබා ගත් අය සැප විඳින හා වැඩි ආයුෂ භුක්ති විඳින සමාජ ක්‍රමයක් බව ඔහු මෙහි දී පෙන්වා දුන්නා.

ගමට ආයෝජන ගලා එන ආර්ථික ක්‍රමයක් තුළ ජනතාවට විනෝදය, ආගම ඇදහීමට ඇති අයිතිය පවා තහවුරු වන උසස් ජීවන තත්ත්වයක් වෙනුවෙන් කැප වෙන බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

“දැන් අවුරුදු හැත්තෑපහක් වන රනිල් වික්‍රමසිංහ මහත්තයාගේත්, ඒ වයසේ ජීවත් වන අපේ ගමේ තාත්තා කෙනකුගේත් තත්වය කොහොමද? ආණ්ඩුවලට ඡන්දය දුන් අපේ ගමේ අය අඩු කාලයක් ජීවත් වී, ඡන්දය ගත් අය වැඩි කාලයක් ජීවත් වන සෞඛ්‍ය ක්‍රමයක් තියෙන්නේ. ජාතික ජන බලවේගය මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කර රටේ පාලකයන්ගේ ජීවිතත්, පුරවැසියන්ගේ ජීවිතත් සමාන ලෙස සලකන ආණ්ඩුවක් ජාතික ජන බලවේගයෙන් පිහිටුවනවා”

“ගම්වල ජනතාවට රැකියා අවස්ථා ලබා දෙන ආයෝජන මේ ප්‍රදේශවලටත් කැඳවන්න ඕනෑ. ඒ වෙනුවෙන් රැකියා සහ ප්‍රමාණවත් ආදායම් මාර්ග ලබා දී හොඳ මානසික නිදහසක් තහවුරු කරන්න අපේ පාලනයක මූලික අරමුණක් වෙනවා. අද මොන තරම් කන්කරච්චල්වලින් ඔළුව පිරී තිබෙනවාද? මේ වාගේ ප්‍රශ්න පිරී තිබෙන අය ගමනක් යන කොට තමන් ඇවිත් බැහැපු බස් එකටම හැපී මිය යන අවස්ථා විශාල වශයෙන් වාර්තා වී තිබෙනවා. නමුත්, අප විනෝදය, සතුට වාගේම ආගමික වශයෙන් වන්දනා ගමන් යා හැකි, අවශ්‍ය නම්, දඹදිව යන්න හැකියාව තිබෙන ජීවිත ගොඩනඟනවා. අපට දැන් ඒ ජීවිතය උරුම නැත්නම්, අපේ දරුවන්ට හෝ එවැනි ජීවිත ලබා දෙන්න ඕනෑ.”

Latest News

More like this

අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා...

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...