අලින්ට, ඌරන්ට, ඉත්තෑවන්ට හිතුමතේ වෙඩි තියන්න සමගි ජන බලවේගයෙන් සෑම ගොවියෙක්ටම ලයිෂන් තුවක්කුවක්

කන්න දෙකක දී මෙරට ගොවි ජනතාවට අලියන්, ඌරන්, ඉත්තෑවන් හා ඉබ්බන්ගෙන් වෙන හානි අවම කිරීම සඳහා දිගුකාලීන සැලැස්මක් ක්‍රියාත්මක කරන අතරම කඩිනම් වැඩපිළිවෙළක් ලෙස සෑම ගොවියෙකුටම ලියාපදිංචි කළ තුවක්කුවක් ලබා දීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසා තිබෙනවා.

සිය පාක්ෂිකයන්ට තුවක්කු ලබා දීමට කිසිදු බියක් නොමැති බව ඔහු මෙහි දී පවසා සිටියා.

‘‘අපේ ගොවි ජනතාවට තුවක්කු දෙන්න බය නෑ. මොකද මෙතන නෑ ගල් කටස් කාරයෝ. මෙතන නෑ ජෙප්පෝ. මෙතැන ඉන්නෙ ගමේ ගොවියෝ. ගමේ ඉන්න ජෙප්පට නඩු අහන්න දීලා ගමේ ඉන්න ජෙප්පන්ට නීතිය ක්‍රියාත්මක කරන්න අපේ ආණ්ඩුවක ඉඩ තියන්නෙ නෑ. ඒක වෙන්නෙ ජෙප්පො ආවොත් විතරයි. අපේ ගමේ ගොවියට තුවක්කුවක් දුන්නම ඒක පත්තු වෙන්නෙ සතෙක්ව එළවන්න විතරයි. ගමේ ඉන්න මුදලාලිට, ව්‍යාපාරිකයාට, දොස්තර මහත්තයට, පොලිසියේ රාළහාමිට ඒ තුවක්කු එල්ලවෙන්නෙ නෑ” යනුවෙන් සඳහන් කළා.

Latest News

More like this

දර්ශන සමුගනී

ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු හා ජනප්‍රිය යූ ටියුබ්කරුවකු වන...

හරිනි වෙනුවෙන් අලවංගුවක් නොවී සිටීමට අනුරට හැකි වේවිද?

අනුර කුමාර දිසානායක මහතාට නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්...

අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක්..

ජාතික ජන බලවේගය රජය 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු...

අනාගත බල පෙරළියකට “රොස්මිඩ් වලව්ව” සූදානම්…

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ...