රනිල් හදිසියේ යාපනේ දිව්ව හේතුව හෙළි වේ – විග්නේෂ්වරන් හම්බවෙන්න නිවසටම යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යාපනය සංචාරය අතරතුරදී ඊයේ (25) උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී විග්නේෂ්වරන් මහතා හමුව තිබෙනවා.

මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම සාකච්ඡාව සිදුව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී වී විග්නේෂ්වරන්ගේ නල්ලූර් හි පිහිටි නිවසේදීයි.

විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා මෙම හමුව පිළිබඳ තොරතුරු හෙළි කරමින් කියා සිටියේ ජනාධිපතිවරයා තමන් හමුවූයේ ආචාරශීලීව බවත් එය කිසිදු දේශපාලන අරමුණක් සඳහා නොවන බවයි.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ අපේක්ෂිත ජනාධිපතිවරණය පිළිබඳව ජනාධිපතිවරයා තමාට කරුණු දැක්වූ බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

උතුරු පළාතේ සිදුවෙමින් පවතින සංවර්ධනය සහ උතුරේ ජනතාවගේ ගැටළු විසඳීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇති බවයි පැවසෙන්නේ.

Latest News

More like this

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...

ජනමාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම හේතුවෙන් වෛද්‍ය බෙල්ලනගේ වැඩ තහනම්…

ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රුක්ෂාන්...

උමා ඇළට පිරිත් පැන් දැමූ සමන්ත විද්‍යාරත්නට චාමරගෙන් හාදු වැස්සක්

ආණ්ඩුව ආගමානුකූල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

රන්වලගේ සිදුවීමේ දී පොලිස් නිලධාරීන් රාජකාරී පැහැර හැර ඇති බව තහවුරු වේ

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ...