නව දිල්ලි ළමා රෝහලක ඇති වූ ගින්නෙන් අලුත උපන් බිළිදුන් හතක් මරු තුරුළට

ඉන්දියාවේ නව දිල්ලි හි ළමා රෝහලක ඇති වූ දැවැන්ත ගින්නකින් අවම වශයෙන් අලුත උපන් බිළිඳුන් හත් දෙනෙකු මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසනවා.

දිල්ලි ගිනි නිවන සේවා පැවසුවේ නැගෙනහිර දිල්ලියේ විවේක් විහාර් ප්‍රදේශයේ ළමා රෝහලක ගින්නක් පිළිබඳ රාත්‍රී 11.32 ට ලැබුණ්‍ය් ඇමතුමක් අනුව ගිනි නිවන රථ 16 ක් පමණ එම ස්ථානයට ගෙන යාමට කටයුතු කළ බවයි.

ගොඩනැගිල්ලේ පළමු මහලේ සිටි අලුත උපන් බිළිඳුන් 12 දෙනෙකු බේරාගත් නමුත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හත් දෙනෙකු මිය ගිය බවයි වාර්තා වන්නේ.

මේ වන විට ළමුන් පස් දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබන බවද වාර්තාවල දැක්වෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර රෝහල් හිමිකරුට එරෙහිව නඩු පවරා ඇති බව පැවසෙනවා.

දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් X ඔස්සේ නිවේදනය කර ඇත්තේ ළමා රෝහලේ ගින්න “හදවත කම්පා කරවන” බවයි.

Latest News

More like this

අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා...

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...