ටෙලිකොම් එළියට දමා, ශ්‍රී ලංකා පොලිසිය නිල ජාල සැපයුම්කරු බවට ඩයලොග් පත් කර ගනී

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ Virtual Private Network (VPN) ජාලයේ සැපයුම්කරු වශයෙන් Dialog Axiata PLC සමාගම තෝරා ගෙන තිබෙනවා.

ඊට අදාළ ටෙන්ඩරය ටෙන්ඩරය 2023 ජුලි 26 වන දින කැඳවන ලද අතර, ඩයලොග් සමාගම සිය ලංසුව 2023 අගෝස්තු 16 වන දින ශ්‍රී ලංකා පොලිසිය වෙත ඉදිරිපත් කර තිබුණා.

ලංසු විවෘත කිරීමේ දී ඩයලොග් අඩුම ලංසුකරු ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර තාක්ෂණික සහ වාණිජ ඇගයීම් ක්‍රියාවලියකින් පසුව 2024 අප්‍රේල් 5 වන දින ටෙන්ඩරය ප්‍රදානය කළ බව සමාගම තහවුරු කර තිබෙනවා.

පසුගිය වසර නවයක කාලය තුළ පොලිසියට මෙහෙයුම් පද්ධති සහිත VPN ජාලයේ පෙර සැපයුම්කරු වූ බවට පත් වූයේ ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සමාගමයි.

නව ටෙන්ඩරය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඩයලොග් මිලට වඩා වැඩි ප්‍රමිතියකින් යුත් ලංසු මිල ගණන් ඉදිරිපත් කර ඇති බැවින් බලධාරීන් විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බව ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිති නායකයෝ පවසා තිබෙනවා.

Latest News

More like this

චිත්‍රපට හදන්න ලංකාවට එන්න.. විජිතගෙන් ඉන්දියාවට ආරාධනාවක්

ඉන්දීය ආයෝජකයින්ට සහ චිත්‍රපට නිෂ්පාදකයින්ට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට...

රාජ්‍ය බැංකු දෙකක් ප්‍රතිව්‍යුහගත කරයි

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (Housing Development...

වාහන සඳහා උපරිම ණය සීමාව සංශෝධනය වේ

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය...