මහ මැතිවරණයකට බලපෑම් එන්න එන්නම වැඩි වෙයි

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එල්ල වන බලපෑම් දිගින් දිගටම වැඩි වෙමින් පවතින බව වාර්තා වී තිබෙනවා.

මේ සඳහා මුල සිටම බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපතිවරයා වෙත විශාල බලපෑමක් එල්ල වූ අතර මේ වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ද ඒ සඳහා බලපෑම් එල්ල වීමට පටන් ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස්ද ප්‍රථමයෙන් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නේ නම් එය පක්ෂයට වාසි සහගත බවට මේ වනවිට මත පළ කිරීමට පටන් ගෙන තිබෙනවා.

පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් සඳහා සුහද සාදයක් පවත්වා ඇති අතර එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට පවසා ඇත්තේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි කියා නොවිමසා වහාම සිය ආසන වෙත ගොස් ජනතා සේවය සිදු කරන ලෙසයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පිරිසක්ද ප්‍රථමයෙන් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සුදුසු බවද ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවන්නේ නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බවට අදහස් ප්‍රකාශ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

Latest News

More like this

අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා...

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...