ඊලොන් මස්ක් ලංකාවට ආවම Wi-Fi ප්‍රශ්ණ විසඳේවි – රනිල් යාපනේ තරුණයින්‍ට කියයි

පසු ගියා දා ඉන්දුනීසියාවේ පැවැත්වුණු ලෝක ජල සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම වැජඹෙන ඊලෝන් මස්ක් මුණගැසුණු අතර ඔවුන් එහි දී සාකච්ඡා කළ තොරතුරු පිළිබඳ ජනාධිපතිවරයා හෙළි කර තිබෙනවා.

ජනාධිපතිවරයා ගේ යාපනය සංචාරය අතරතුර ඉකුත් 24 වැනි දා යාපනය දොරේ අප්පා ක්‍රීඩාංගනයේ දී පැවති යාපනය දිස්ත්‍රික් තරුණ සමුළුවේ දී යාපනයේ තරුණයින් විමසූ ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අනාවරණය සිදු කර තිබෙනවා.

එහි දී තරුණයෙක් ජනාධිපතිවරයාගෙන් විමසා ඇත්තේ ලෝක ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඊලොන් මස්ක්ගේ ලංකා සංචාරයෙන් තරුණයින්ට ලැබෙන ප්‍රයෝජන මොනවාද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මෙසේ පවසා සිටියා.

“මම ඊලොන් මස්ක් සමඟ ගෝලීය “Starlink” ජාලය ශ්‍රී ලංකාව හා සම්බන්ධ කිරීම පිළිබඳ සාකච්ඡා කළා.Stralink සමඟින් කොළඹින් පිටත Wi-Fi ප්‍රශ්ණය බොහෝ දුරට විසඳෙනවා. ඒ වගේම ඔහු අප රට සතු පුනර්ජනනීය බලශක්තිය විශේෂයෙන් සූර්යය බල ශක්ති විභවය පිළිබඳ සාකච්ඡා කළා.අපේ රටට වැදගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඔහුට මෙරටට පැමිණෙන ලෙස මා ආරධනා කළා”

Latest News

More like this

අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා...

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...