“ජාතිවාදියෝ එක්ක බෑ” දිලිත්ගෙන් ඉවත් වූ අමුණුගම කියයි.

තමන් දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂයේ සියළු තනතුරුවලින් ඉවත් වීමට තීරණය කළේ, එම පක්ෂය, විමල් වීරවංශ, උදය ගම්මන්පිළ වැනි ජාතිවාදී දේශපාලන පක්ෂ නායකයන් සමග අත්වැල් බැද ගැනීමට ගත් තීරණය හේතුවෙන් බව ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා.

තමන් කිසිකලක ජාතිවාදී දේශපාලනයට පක්ෂ නොවූ බව පවසා තිබෙන අමුණුගම මහතා, මව්බිම ජනතා පක්ෂය, මෙරට තාරුණ්‍යය ආකර්ශනය කර ගනිමින් නව දේශපාලන ගමනක් යනු ඇතැයි තමන් අපේක්ෂා කළ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබෙනවා.

එබැවින් තමන් අපේක්ෂා කළ මාර්ගයෙන් පිට ගොස්, ජාතිවාදීන් සමග අත්වැල් බැද ගැනීමට පක්ෂය ගත් තීරණයත් සමග තමන් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් වීමට තීරණය කළ බව ආචාර්ය සරත් අමුණුගම මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

පසු ගිය දා විමල් වීරවංශ, උදය ගම්මන්පිල, චන්න ජයසුමන සමඟ මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර එක්ව සර්ව ජන බලය නම් සන්ධානයක් පිහිටුවනු ලැබූ අතර ඒ සමඟ එම පක්ෂයේ තනතුරු වලින් ඉල්ලා අස් වන බව සඳහන් කරමින් ආචාර්ය අමුණුගම මහතා දිලිත් ජයවීර මහතා වෙත ඉල්ලා අස්වීමේ ලිපියක් යොමු කළ බව වාර්තා වුණා.

Latest News

More like this

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...

ජනමාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම හේතුවෙන් වෛද්‍ය බෙල්ලනගේ වැඩ තහනම්…

ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රුක්ෂාන්...

උමා ඇළට පිරිත් පැන් දැමූ සමන්ත විද්‍යාරත්නට චාමරගෙන් හාදු වැස්සක්

ආණ්ඩුව ආගමානුකූල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

රන්වලගේ සිදුවීමේ දී පොලිස් නිලධාරීන් රාජකාරී පැහැර හැර ඇති බව තහවුරු වේ

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ...