කොළඹ වරායට තෙල් කාන්දුවන නෞකාව ගෙනා කපිතාන්වරයාවට මාසෙකට රටින් පිටවීම තහනම්

මුහුදට තෙල් කාන්දු වන නෞකාවක් කොළඹ වරායේ නැංගුරම් කරවූ ඉන්දීය කපිතාන්වරයාට රටින් පිටවීම වළක්වාලමින් විදෙස් ගමන් තහනමක් පැනවූ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහෙස්ත්‍රාත්වරයා ඊයේ (29) තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම විදෙස් ගමන් තහනම නිකුත් කර ඇත්තේ ඉන්දියාවට අයත් ‘Ark Prestige ’නමැති නෞකාවේ කපිතාන්වරයා වශයෙන් කටයුතු කරන ඉන්දීය ජාතික රාජ්දෙව් යාදේව්ට එරෙහිවයි.

ඒ අනුව ඔහුට එරෙහිව මාසයක කාලයක් සඳහා විදෙස් ගමන් තහනමක් පැනවූ බව වාර්තා වෙනවා.

ඒ පිළිබඳ ආගමන විගමන පාලකවරයා දැනුවත් කිරීමටද නියම කළ බව සඳහන්.

මෙම නියෝගයට හේතුව වී ඇත්තේ කොළඹ ඩොක්යාර්ඩ් ජැටියේ නැංගුරුම් ලා ඇති ‘Ark Prestige’නමැති නෞකාවෙන් මුහුදට තෙල් කාන්දුවීම බව පැවසෙනවා.

කොළඹ වරාය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අදාළ විදෙස් ගමන් තහනම පැනවු මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳ ‘Ark Prestige’ නෞකාවේ කපිතාන් රාජ්දෙව් යාදේව් නමැත්තා දැනුවත් කිරීමටද පොලිසියට නියම කර තිබෙනවා.

සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කොළඹ වරාය පොලිසියේ නිලධාරීන් කොළඹ වරායේ නැංගුරම්ලා ඇති ඉන්දිය නෞකාවෙන් හයිඩ්‍රොලික් තෙල් කාන්දු වීමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළේ යැයි දැනුම් දුන්නා. මේ සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශන මේ වෙන විටත් සිදුකරගෙන යන හෙයින් නෞකාවේ කපිතාන්වරයා විදේශගතවීම් වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

Latest News

More like this

අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා...

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...