ශ්‍රී ලංකා ධජය අඟහරු වෙත යන්න සූදානම් – නාසා අයතනය පවසයි.

ඇමරිකාවේ නාසා අයාතනය වෙතින් මෙහෙයවන අඟ­හරු ගවේ­ෂණ මෙහෙ­යු­ම­ක­ට ශ්‍රී ලාංකික තරුණියක් එක් වී සිටින බව වාර්තා වෙනවා.

ඒ අනුව ආචාර්ය පියුමි විජේ­සේ­කර එළැඹෙන ජුනි 24 වෙනිදා අඟහරු වෙත යැවෙන අභ්‍යවකාශ මෙහෙයුමට එක් වනු ඇති අතර ඇය සමඟ ශ්‍රී ලංකා ධජය ද අඟහරු වෙත යැවෙන බව සඳහන්.ඇය එම ගමන සඳහා ශ්‍රී ලංකා ධජයෙන් සැරසුණු ඇඳුමකින් සැරසී එහි යනු ඇති බව සඳහන් වෙනවා.

එම මෙහෙ­යුම සඳහා සිව්දෙ­න­කු­ගෙන් යුත් කණ්ඩා­ය­මක් එක්වන බව ද ඉන් තිදෙ­න­කුම ආසි­යා­ති­ක­යන් වීම විශේ­ෂ­ත්ව­යක් බව ද අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ නාසා ආය­ත­නය පවසා තිබෙනවා.

ඔවුන් දින 45ක් මෙම අභ්‍ය­ව­කාශ මෙහෙ­යු­මට එක්වන අතර, ඔවුන් මෙලෙස එක්වන්නේ අඟ­හරු ග්‍රහයා මත වාසය කිරී­මට අදාළ පරී­ක්ෂ­ණ­ය­කට වන අතර, සඳ, අඟ­හරු සහ ඉන් ඔබ්බට වන ගැඹුරු අභ්‍ය­ව­කාශ මෙහෙ­යුම් සඳහා ගග­න­ගා­මීන් යැවී­මට පෙර එහි තත්ත්ව­යන්ට අනු­ගත වන ආකා­රය අධ්‍ය­ය­නය කිරීම මෙහිදී සිදු­වන බව ද නාසා ආය­ත­නය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම මෙහෙ­යු­මට එක්වන ආචාර්ය පියුමි විජේ­සේ­කර නාසා ආය­ත­නයේ විද්‍යා­ඥ­ව­රි­යක ලෙස කට­යුතු කරන අතර ඇය ජෛව ඉංජි­නේරු විද්‍යා­වෙන් උසස් අධ්‍යා­ප­නය ලැබූ අයෙකි.

Latest News

error: Content is protected !!