මායා අධිකාරි, ලංකාවේ ගොසිප්වල හැමදාම උඩ යට යන කෙනෙක්. වෙනස් විදියට හිතන තමන්ට ඕනෙ දේ කරන්න කිසිම කෙනෙක් ගෙන් අවසර ගන්න කෙනෙක් නෙවෙයි ඇය. ඒ වගේම කරන දේවල් කියන්න බයත් නැති කෙළින් කතා කරන චරිතයක් විදියට තමයි ඇය ගැන දන්න අය දන්නේ.
කෙලින් කතා කරන නිසාම අමායා කියන සමහර දේවල් ආන්දෝලානාත්මකයි.
යූ ටියුබ් සංවාදයක් අතරතුර ඇය කියන මේ කතාවත් ඒ වගේ එකක්. මේ සංවාදය අතරතුර අමායා කියන්නෙ මේ වෙනකොට සංස්කෘතිය කියලා දෙයක් නෑ කියලා.
ඇය මෙහෙම කියන්නෙ කෙනෙක් තමන් කැමති විදියට ෆොටෝ එකක් ෆේස්බුක් එකට දැම්මම ඒක විවේචනය කරලා කතා මවන එක්තරා සමාජ කොට්ඨාශයක් ගැන ඇගෙන් අහපු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින්.
“තමුන්ට කරන්න බැරි නම් අනිත් අයට අපහාස නොකර ඉන්න ඕනෙ. මගේ ඇඟ ලස්සනයි නම් මට පෙන්නන්න ඕන තැන මම පෙන්නනවා. ඒක මගේ ඇඟ නිසා. ඒක අනිත් අයට අදාළ නෑ. අපේ සංස්කෘතිය කියල ඇත්තටම දැන් මේකෙ නෑ. අපි අසූ ගණන්වල අය. දෙදාහෙන් පස්සෙ අය කරන දේවල් අපි තවම කරල නෑ. නමුත් ඒගොල්ලො ඇවිල්ල තියෙන්නෙත් මොකක් හරි දෙයක් දැකල. ගොඩක් අය හිතනව අපිව ෆලෝ කරල කියලා. අපේ ටැටූස් දැකල කියලා. දවසක් මං කිව්ව ටැටූ කලාවක් කියලා. හැබැයි මං ඒක කිව්වෙ ස්කෝලෙ යන ළමයින්ට නෙවෙයි. මේක ජජ්මන්ටල් ලෝකයක්. තමුන් කැමති දේ තමුන්ට කරන්න පුළුවන්. හැබැයි තැනට සුදුසු විදියට අඳින්න ඕන”