හිඟුරක්ගොඩ මාළිමා රැළියට පෙර නොවූ විරූ විශේෂ ආරක්ෂාවක්..

අතිවිශාල ජනතා සහභාගිත්වයකින් ඊයේ (30) හිඟුරක්ගොඩ දී පැවති ජාතික ජන බලවේගයේ ගොවි රැළියට පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු පොලිසියේ විශේෂ ආරක්ෂාවක් ලැබී තිබුණු බව වාර්තා වෙනවා.

පෙර නොවූ විරූ ආකාරයේ ආරක්ෂාවක් ලැබීම මෙහි දී කැපී පෙනුණ අතර මාළිමාවට හිතවාදීන් පවසන්නේ අනාගත ජනාධිපතිවරයා වෙත ලබාදිය යුතු ආරක්ෂාව පිළිබඳ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සහයෝගය එයින් පෙන්නුම් කරන බවයි.

පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සෑම අස්සක් මුල්ලක්ම හා ජනතාවට අසුන් ගැනීමට වෙන් කරන ලද ආසනයෙන් ආසනයට පරීක්ෂා කරමින් දැඩි සහයෝගයක් රැලිය පැවැත්වීම සඳහා ලබා දෙන ආකාරය ඇතැම් යූ ටියුබ් නාළිකා ඔස්සේ ද වාර්තා කර තිබුණා.

මෙවැනි ආරක්ෂාවක් ලබාදීම සම්බන්ධයෙන් ජනතාව විමුක්ති පෙරමුණේ නායකයින් අතර බියක් පවතිනවා.

ආණ්ඩුව උවමනාවෙන්ම ජනාධිපතිවරයා සහ මාලිමාව අතර සම්බන්ධයක් පවතින බවට ජනතාව අතර හඟවන්න මෙය කරන බවයි ඔවුන් පවසන්නේ.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!