විස්සයි20 ලෝක කුසලානය හෙටින් ඇරඹේ – පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ඉරිදා පෙරවරු 7.00 ට

දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය, බංග්ලාදේශය සහ නේපාලය ඇතුළු ක්‍රිකට් ලෝක ඉතිහාසයේ වැඩිම කණ්ඩායම් ගණනාවක් සහභාගී වන කණ්ඩායම් 20 කින් සමන්විත ICC පිරිමි T20 ලෝක කුසලානය හෙට (ජුනි 1 වැනිදා) ආරම්භ වීමට නියමිතය.

මෙවර තරගාවලියේදී අමෙරිකාව සමඟින් බටහිර ඉන්දීය කොදෙව් සම සත්කාරකයන් ලෙස කටයුතු කරන අතර, කොදෙව්හිදී තරග ආරම්භ වන්නේ අනිද්දා (2) ය.

පළමු තරගයේ ආරම්භය අමෙරිකානු වේලාවෙන් ජුනි 1 රාත්‍රි 8.30ට වුවද එය ශ්‍රී ලංකා වේලාව අනුව ඉරිදා (2) පෙරවරු 7.00 වන අතර, දෙවැනි තරගය මෙරට වේලාව අනුව ඉරිදා රාත්‍රි 8.00 ට ආරම්භ වේ.

මූලික වටයේදී කණ්ඩායම් 20 කාණ්ඩ 4කින් තරග බිමට පිවිසෙන අතර එක් කාණ්ඩයකට කණ්ඩායම් 5ක් ඇතුළත් වෙයි.

ඒ අනුව ක්‍රිකට් පිටියේ වැඩිම අවධානයක් යොමුවන තරගය පැවැත්වෙන ඉන්දියාව සහ පාකිස්තානය ‘A’ කාණ්ඩයට ඇතුළත්ව සිටියි. ශ්‍රී ලංකාව ‘D’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර ඊට දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ නේපාලය ඇතුළත් වෙයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර D කාණ්ඩයේ පළමු තරගය පැවැත්වෙන්නේ ජුනි 3 වැනිදා නිව්යෝර්ක් නුවර Nassau County ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

සත්කාරකත්වය වීම හේතුවෙන් තරගාවලියට ඍජුවම එක්වීමේ අවස්ථාව හිමි වූ අමෙරිකා එක්සත් ජනපදය සමඟ කැනඩාව සහ උගන්ඩාව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකට එක්වන පළමු අවස්ථාව මෙයයි.

පැපුවා නිව්ගිනියාව, නේපාලය සහ ඕමානය එක්වන දෙවැනි අවස්ථාව මෙය වන අතර, අවසන් වරට පැවති තරගාවලියට එක්වූ එක්සත් අරාබි එමීර් සහ සිම්බාබ්වේ කණ්ඩායම්වලට මෙවර තරගාවලිය අහිමි විය.

Latest News

More like this

ලාරාගේ වාර්තාව නොකැඩූ මෝල්ඩර් ක්‍රිකට් මවිතයට පත් කළ හැටි

ටෙස්ට් ඉනිමක වැඩිම පෞද්ගලික ලකුණු ලබා ගත් බ්‍රයන් ලාරාගේ...

කෝලිලාගේ IPL ජයග්‍රහණ සැමරුම අතරතුර 11 දෙනෙකුට දිවි අහිමි වේ

ඉන්දීය ප්‍රිමිය ලීග් ශූරතාව දිනාගත් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ...

18 වතාවක් උත්සහ කර IPL ජයග්‍රහණය කළ ‘කිං කෝලි’

සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන 300කට අධික අනුගාමිකයන් පිරිසක් විසින්...
error: Content is protected !!