මැතිවරණ කල් දැම්මොත් කොස්සෙන් කන්න ලෑස්ති වෙන්න

මැතිවරණ කල් දැමීමට රජය උත්සහ දැරුවොත් ඊට එරෙහිව ජාතික ජන බලවේගයේ කාන්තා බලමුළු පාරට බැසීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය පවසා තිබෙනවා.

මැතිවරණ පැරදීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කල් දැමීම සඳහා ශූරයකු බවයි ඇය සඳහන් කළා.

ඇය මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ කාන්තා බල මණ්ඩලයක් අමතමිනි.

ගැහැණු අපි මැතිවරණ කල් දැමීමට කිසි ලෙසක ඉඩ නොතබන බවත් මැතිවරණ කල් දැම්මොත් කොස්ස රැගෙන එළියට බහින බවත් ඇය කියා සිටියා.

Latest News

error: Content is protected !!