මාළිමාව නෙවෙයි කවුරු ආවත් 88-89 නියෝජනය වෙලා නැත්නම් ඔවුන් අඩුකුළේ හා සමාන වෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජිකයකෙු සහ හිටපු පළාත් සභා මන්ත්‍රී මෙන්ම පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ හිටපු දේශපාලන මණ්ඩල සභික සහ වර්තමානයේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ලබන වරුණ දීප්ති රාජපක්ෂ මහතා ලක් වාහිනී යූ ටියුබ් නාළිකාවේ නවතම කාලීන දේශපාලන විශේෂාංගය වන “තවත් රැවටෙමුද?” සමඟ එක් වෙමින් ආන්දෝලනාත්මක හෙළිදරව් කිහිපයක් සිදු කර තිබෙනවා.

එහි දී ඔහු මතු කරනු ලබන කරුණකින් ඇඟවුම් කරනු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර යම් සමීප සම්බන්ධතාවයක් පවතින බවයි.

ඔහු සඳහන් කරන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ වු වකවානුවේ එම පක්ෂ දෙකෙන්ම ඉවත්වන ඔහු දේශපාලනයෙන් ඈත් වී සිටි අතර වසර කිහිපයකට පසු ඔහු අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුට නැවත දේශපාලනයට පිවිසෙන්නැයි පවසා තිබෙනවා.

“රනිල් වික්‍රමසිංහ මහත්තයා මට කතා කරනවා. ඒ කතා කරල ඔහු මගෙන් අහපු දෙයක් තමයි ඇයි දේශපාලනය කරන්නෙ නැත්තෙ මොකද කරන්නෙ කියලා. මං කිව්ව මං දැන් මේ ව්‍යාපාරයක් කරනවා කියලා. ඔහු කිව්ව මට ඒ වෙලාවෙ ඔයා UNP දේශපාලන කරන්න අකමැති නම් අනුරට කතා කරලා JVP දේශපාලනය කරන්න කියලා. මං ඕන නම් අනුරට කියන්නම් කියලත් කිව්වා.”

“ජනතා විමුක්ති පෙරමුණේ සම්ප්‍රාදයක් තියෙනවා. මාළිමාව නෙවෙයි කවුරු ආවත් 88-89 නියෝජනය වෙලා නැත්නම් ඔවුන් අඩුකුළේ හා සමාන වෙනවා. දෙවැනි පුරවැසියෙක් වගේ එකක්. නායකයෙක් වෙන්න නම් 88-89 වෙන්න ඕන”

එමෙන්ම පක්ෂය පසුකාලීනව වූ දෙකඩ වීමට මතවාදී දේශපාලන ප්‍රතිවිරෝධයන්ට වඩා හේතුවූයේ ප්‍රාථමික කරුණු කිහිපයක් බව ද ඔහු පවසා තිබෙනවා.

අපගේ ඉතිහාසය පටන් ගන්නේම කුවේණි විජය කුමාරයාට රැවටීමට ලක් වූ කතා පුවතකින්.

එදා සිට අද වන තෙක්ම ලාංකිකයන් දේශපාලනික වශයෙන් සමාජීය සහ ව්‍යාපාරික වශයෙන් නොයෙකුත් අවස්ථාවලදී රැවටීමට ලක්වූ අවස්ථා අප්‍රමාණයි.

ලක්වාහිනී මෙතැන් පටන් කාලීන වැඩසටහනක් වශයෙන් තවදුරටත් රැවටෙනවාද යන්න තේමා කරගත් මෙවැනි වැඩසටහන් මාලවක් ඔස්සේ බොහෝ අනාවරණයන් සිදු කිරීමට නියමිතයි. එම ආලෝකය දිගේ ගොස් අඳුරු අහුමුළුවල සැඟවුණු සත්‍ය සොයා ගැනීම ඔබට භාරයි.

සම්පූර්ණ වැඩසටහන මෙතැනින්:

Latest News

More like this

ලෝක බල අරගලය, මෙරට බල හුවමාරුවකට හේතු විය හැකියි.. හිටපු ජනපති රනිල්

ලෝක බල අරගලයක් දෙසට ගමන් කරමින් සිටින පසුබිමක මෙරට...

විද්‍යුත් පාස්පෝට් සිද්ධිය : අධිකරණයට අපහාස කළ බව ඉලූ‍ක්පිටිය පිළිගනී

විද්‍යුත් විසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන...

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...

යෝජිත විදුලි පනත සම්මතයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි

යෝජිත විදුලි බල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...
error: Content is protected !!