සජබයෙන් 20 ක් ආවොත් රනිල්ට අපේක්ෂත්වය දෙනවා

එළැඹෙන ජනාධිපති මැතිවරණයේ දී පොදු ජන පෙරෙමුණේ සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දෙන්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් විසි දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීමට හැකි වුවහොත් පමණයි යනුවෙන් මේ දිනවල ප්‍රචාරය වන ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අදහස් පළ කළා.

එහි දී ඔහු පැවසුවේ සජබ මන්ත්‍රීන් විස්සක් රැගෙන ඒම මෙන්ම ප්‍රතිපත්ති පිළිබඳව ද සලකා බැලිය යුතු බවයි.

පොදු ජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දී ඇත්තේ පැහැදිලිවම ඊලඟ මැතිවරණය තෙක් පමණක් බව ඔහු සඳහන් කළා.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය නම් කරන තෙක් පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා නම් නොකිරීමට පක්ෂය ගෙන ඇති ප්‍රතිපත්තිය පිළිබඳව මාධ්‍ය විමසුමකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ පවසා සිටියා.

” අපි පැහැදිලිව නියමිත වෙලාවට අපේ අපේක්ෂකයා නම් කරනවා. ඒ වුණත් අපට යුතුකමක් තියෙනවානේ. දැන් එතුමා ධූරයේ ඉන්න කාලෙ එතූමව දාන්නෙ නෑ කිව්වොත් මොකද වෙන්නෙ. ආණ්ඩුව කඩන් වැටෙනවනේ”

Latest News

More like this

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...

විධායක ජනාධිපති බලය වැඩි කරගනිමින් අනුර යන්නෙත් රනිල්ගේ අඩි පාරේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපති ධුරයෙහි බලය...

ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ බංග්ලාදේශයේ හින්දු ජාතිකයෙකු පුළුස්සා දමයි

බංග්ලාදේශයේ ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ ඉස්ලාමයට අපහාස කිරීමේ චෝදනා...