2019 දී සජිත් ප්‍රේමදාස මහතා පරාජය වීමට ලොකුම හේතුව හිරු සහ දෙරණ මාධ්‍ය ඔහුට එරෙහිව සිදු කළ ප්‍රචාරණ ව්‍යාපාරය බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.
ඔවුන් සජිත් ප්‍රේමදාස මහතාගේ සෑම ප්‍රකාශයක්ම විකෘති කර ප්‍රචාරය කිරීම ඔහුගේ ප්‍රතිරූපය බිඳ වැටීම කෙරෙහි විශාල බලපෑමක් කර බවත් මේ වන විට සොහොයුරාට ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා ඔහුට වැඩ කරමින් සිටන බව ප්‍රකාශ කළා.
ඇය මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය විමසූ ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු ලබා දෙමිනි.
“වැඩිය ඕන නෑ අදත් ගිහිල්ල බැලුවොත් හිරු එකට සජිත් ප්‍රේමදාස මහත්තයට අරගලයට ගිහින් පහර දීපු සිදුවීම තියෙන්නේ පුතාණෝ අරගලයට ගිහින් ගුටි කයි කියලා. ඒ කාලෙත් ඒ ගොල්ලො ඒ වගේ වචනවලින් තමයි සජිත් ප්‍රේමදාසට කතා කරේ.
ඔය ජනාධිපති සමාව අරගන්න මේගොල්ලො රනිල් ගාවටත් ගියා. රනිල් බෑ කිව්වා. මෛත්‍රී ගාවටත් ගියා. මෛත්‍රී බය වුණා. ගෝඨා ගාවට ගියා ගෝඨා හා කිව්ව. ගෝඨාභය කියන්නෙ මෝඩ මනුස්සයෙක්. ඒවගේ මනුස්සයෙක් රටේ ජනාධිපති කළේ තමන්ගෙ මල්ලිව බේර ගන්න.
අද මේ රට තියෙන තත්ත්වයට දෙරණ හා සමානවම හිරු එකත් වගකියන්න ඕන. මොකද මෝඩයෙක්ව උල්ලුප්පලා පෙන්නලා ඒ මනුස්සයව රටේ පාලන බලයට ගෙනාවෙ මල්ලිව බේර ගන්න. අන්තිමේ තමාට ලැබුණු බලය හරියට පාවිච්චි කරන්නවත් දැනගෙන හිටියෙ නෑ. ඒ අනුව මට පුළුවන් වුණා ජනාධිපති සමාවත් රිවර්ස් කරන්න.
සජිත් ප්‍රේමදාස මහත්තයා මම හොඳින් දන්නවා. හැබැයි ඔහුගේ වටේ ඉන්න අය පොරොන්දු වෙලා ඇති. මට ඔහුව විශ්වාසයි. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයටයි එයාගෙ වටේ ඉන්න ප්‍රධානින්ටයි අනිවාර්යයෙන් වෙලාවක් එනවා හිරු ද හිරුණිකා ද කියල තේරුම් ගන්න. හැමදාම හිරු එක්ක සටන් කරලා හිරුණිකා තමයි දින්නෙ. ඉස්සරහටත් ඒක එහෙමමයි.”
එමෙන්ම පසුගිය දා ඊලොන් මස්ක් සසම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය පැවසුවේ ඉතිහාසයේ සිට රටට යහපතක් වන ඉදිරිගාමී සෑම වැඩපිළිවෙළකදීම ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහි වී ඇති බවත් සංවර්ධන ව්‍යාපෘති නතර කරනු ලැබුවේ ඔවුන් විසින් බවයි.
ඊලොන් මස්ක් ලංකාවට ඒම කවර ආණ්ඩුවකින් සිදු කළ ද එය ලෝකයේම අවධානම ලංකාවට ලැබෙන දෙයක් බැවින් අගය කළ යුත්තක් බව ඇය පවසා තිබෙනවා.
“මාළිමා ආණ්ඩුවේ මුදල් ඇමති සුනිල් හඳුන්නෙත්ති මහත්තයා රටකටවත් ගිහින් තියෙනවද කියලා හිතාගන්න බෑ.මේ මිනිස්සු තමයි රට දියුණු කරන්න ඊළඟට එන්න බලාගෙන ඉන්නෙ.උගත් බුද්ධිමත් තරුණ පිරිසකුත් ඉන්නවා.මං එයාලගෙන් අහන්න කැමතියි,ඊලොන් මස්ක් කියන්නෙ ලෝකෙ ලොකුම ධනවතා.Paypal එක ඔහුගේ.Tesla එයාගෙ.SpaceX එයාගෙ.ලංකාවේ ට්‍රිලියන ගණනක ණය වගේ තුන් හතර ගුණයක් ඔහුගේ ආදායම.පසුගිය දා ජනාධිපතිතුමා කතා කරල තියෙනව ඔහු එක්ක.ඒ සාකච්ඡා මොන මට්ටමේ තියෙනව ද අපි දන්නෙ නෑ.ආරංචියක් තියෙනවා Stralink පටන් ගන්න යනව කියලා.ලොකු කම්පැනිස්වලට ඒක ඉතාම වැදගත්.සුනිල් හඳුන්නෙත්ති කියනවා ආර්ථික ඝාතකයෙක්ලු.”
Watch Lakvahini Youtube Channel ..>>