අරගලය නිසා හැංගිලා හිටිය, පරණ පුරුදු සත්තු ටික නැවත නැගිටිමින් ඉන්නවා

අරගලය සමඟ පසුබැස සිටි දූෂිත රස්තියාදුකාර දේශපාලකයන් යළි හිස ඔසවන්නට පටන් ගෙන ඇති බව පවසන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අරගලයේ සැබෑ අපේක්ෂාවන් ඉටු කිරීමට නම් ජනතා නැගිටීමෙහි සැබෑ අරමුණ රකින රජයක් අවශ්‍ය බව පවසනවා.

2022 ජනතා නැගිටීමේ සැබෑ අභිලාෂයන් මුදුන් පමුණුවා ගත හැකි එකම දේශපාලන බලවේගය සහ රජය ජාතික ජන බලවේගය බව කුරුණෑගල පැවති NPP තරුණ රැළියට එක්වෙමින් ඔහු සඳහන් කළා.

දේශපාලනඥයන් අරගලයෙන් පාඩමක් ඉගෙන ගෙන නැති බවත් ඒ වෙනුවට කුඩුකාරයන්ගේ නැගිටීමක් බව පවසමින් ජනතා නැගිටීම හෑල්ලූවට ලක් කරන බවයි ඔහු එහි දී පවසා සිටියේ.

කිසිදු දේශපාලන බලවේගයකට පක්‍ෂපාතී නොවුණු පොදු අභිලාෂයන් වෙනුවෙන් ජනතාව විශේෂයෙන්ම තරුණයන් පාරට බැස්ස බවත් යහපත් දේශපාලන තත්ත්වයක් සඳහා ඔවුන්ට අපේක්‍ෂාවක් පැවති බව ඔහු පැවසුවා.

“මහජනයා බලාපොරොත්තු වුණේ වංචාවෙන් දූෂණයෙන් තොර විනයගරුක නීත්‍යානුකූල රටක්. ඔවුන් පාරට බැස්සෙ පොදු සමාජ අරමුණක් වෙනුවෙන්. නමුත් ඒක පාලකයාට තේරෙන්නෙ නැහැ. එය හෑල්ලූවට ලක්කරලා අරගලය කළේ කුඩුකාරයෝ, ගණිකාවෝ කියනවා. මේ පාලකයෝ එවැනි දැවැන්ත නැගිටීමකින් පවා කවදාවත් පාඩමක් ඉගෙන ගත්තේ නැහැ”

අරගලයෙන් පසුව ද බලය පාවිච්චි කරමින් ජනතාව මර්ධනය කිරීමට හා රාජ්‍ය දේපළ විකිණීමට පටන් ගෙන ඇති අතර අරගලයෙන් පසුවද දේශපාලනඥයන් ගමන් කරන්නේ පරණ පාරේම බව ඔහු වැඩි දුරටත් පවසා සිටියා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...