ඇමරිකාව, විස්සයි20 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට හා ඉන්දියාවට දෙවිදියකට සලකයි

ඇමරිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අඩු සැලකිල්ලක් දක්වන බව වාර්තා වී තිබෙනවා.

තරගාවලිය සඳහා පහසුකම් සැලසීමේ දී ශ්‍රී ලංකාව,දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය වැනි රටවලට අඩු පහසුකම් හා ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවකට වැඩි පහසුකම් ලබා දීමෙන් ක්‍රීඩකයන් රටවල් අනුව වෙනස්කම්වලට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුවීම් පිටියේ සිට පැය එකහ මාරක් පමණ දුරින් පිහිටි හෝටලයක ලැගුම් ලබා දී ඇති අතර,ඒ නිසා ඔවුන්ගේ ගමන් තෙහෙට්ටුව පුහුණුවීම්වලට පවා බාධා ඇති කර ඇති බව පැවසෙනවා.

ඊට හාත්පසින්ම වෙනස්ව, ඉන්දියාව වැනි කණ්ඩායම්වලට ක්‍රීඩාංගනය අසල හෝටල්වල නවාතැන් ලබා දී ඇති අතර ඔවුන්ට ගමන් වෙහෙසකින් තොරව ඔවුන්ගේ පුහුණුවීම් සඳහා උපරිම පහසුකම් සලසා ඇතැයි සඳහන්.

මේ තත්ත්වය හේතුවෙන් ෆ්ලොරීඩා නුවර සිට නිව්යෝර්ක් දක්වා පැමිණි විශේෂ ගුවන් යානය ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකා, අයර්ලන්ත සහ දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් දැඩි අපහසුතාවට පත් වු බව වාර්තා වී තිබෙනවා.

අදාළ විශේෂ ගුවන් යානය ෆ්ලෝරීඩා නුවරින් පිටත්වීමට නියමිතව තිබූ වේලාවට වඩා පැය 7කට වැඩි කාලයක් ප්‍රමාද වූ බව වාර්තා වෙනවා.

එම ගුවන් යානය පැය 7කට වැඩි කාලයක් ප්‍රමාද වීම හේතුවෙන් ක්‍රීඩකයින් දැඩි අපහසුතාවකට පත් වූ අතර එම සම්පූර්ණ කාලයම ක්‍රීඩකයින් රැඳී සිට තිබෙන්නේ ෆ්ලොරීඩා ගුවන් තොටුපොළ තුළයි.

ඒ අනුව මැයි 31 වැනිදා සිකුරාදා රාත්‍රී 8ට නිව්යෝර්ක් වෙත ළඟාවීමට නියමිතව සිටි ක්‍රීඩකයින් නිව්යෝර්ක් වෙත පැමිණ ඇත්තේ ජුනි 1 වැනිදා සෙනසුරාදා අලුයම 5ට බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට නිව්යෝර්ක් හිදී සෙනසුරාදා උදෑසන පැවැත්වීමට සැලසුම්කර තිබූ පුහුණු සැසිය අවලංගු කර එම සැසිය සෙනසුරාදා සවස පැවැත්වීමට ඒ අනුව කටයුතු කර තිබුණා.

ගුවන්ගමන් ප්‍රමාදය සහ තරගාවලියේ සංවිධාන කටයුතුවල තිබෙන අඩුපාඩු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා, අයර්ලන්ත සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිල්ලක්ද ඉදිරිපත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Latest News

More like this

ලාරාගේ වාර්තාව නොකැඩූ මෝල්ඩර් ක්‍රිකට් මවිතයට පත් කළ හැටි

ටෙස්ට් ඉනිමක වැඩිම පෞද්ගලික ලකුණු ලබා ගත් බ්‍රයන් ලාරාගේ...

කෝලිලාගේ IPL ජයග්‍රහණ සැමරුම අතරතුර 11 දෙනෙකුට දිවි අහිමි වේ

ඉන්දීය ප්‍රිමිය ලීග් ශූරතාව දිනාගත් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ...

18 වතාවක් උත්සහ කර IPL ජයග්‍රහණය කළ ‘කිං කෝලි’

සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන 300කට අධික අනුගාමිකයන් පිරිසක් විසින්...

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස ෂම්මි සිල්වා නැවත තේරී පත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 64 වන වාර්ෂික මහා සභා...
error: Content is protected !!