නංගි මුදල් අච්චු ගැහුවා. අයියා සංස්කෘතික අරමුදලේ මුදල් හොරකම් කළා – ඉරාන් හතර වටේටම නෙළයි

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික අරමුදලේ මුදල් හොරකම් කළ බවට පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් වූ විගණන වාර්තාව සම්පූර්ණයෙන් අසත්‍ය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.

තමා කෝප් කමිටුවේ සාමාජිකයකුව සිටිය දී ඒ හමුවට ආ විගණන වාර්තාව සම්පූර්ණයෙන් අසත්‍ය බවත් සමාජ මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රචාරය කරන්නන් හරහා එම අසත්‍ය ප්‍රකාශ නැවත සමාජගත වීමේ ඉඩකඩක් පවතින බව පෙන්වා දුන්නා.

ඒ සමගි ජන බලවේගයේ ජන රැළියක් අමතමින්.

සජිත් ප්‍රේමදාස මහතාගේ නැගණිය දුලංජලී ජයකොඩි මුදල් අඅච්චු ගැසීම්වලට සම්බන්ධ බවට කතාවක් නිර්මාණය කළ අතර අධිකරණය ඇය නිදොස් කළ බව ද ඔහු ප්‍රකාශ කළා.

යල්පැන ගිය දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්ති තියෙන අය රට වටේ ගිහින් වාමාංශික ප්‍රතිපත්ති මාක්ස්වාදී ප්‍රතිපත්ති දිගින් දිගටම පතුරවමින් රටේ වර්ධනය අඩාල කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

සම්පූර්ණ කතාව වෙත පිවිසෙන්න..

Watch Lakvahini Youtube Channel ..>>

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...