මැතිවරණ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ තනතුරු අලුත් වෙයි

ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (02) නව නිලධාරී මණ්ඩලයක් පත් කරගෙන තිබෙනවා.

එහිදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ජාතික මැතිවරණ සංවිධායක ලෙස නම් කර ඇති අතර හිටපු අමාත්‍ය රවී කරුණානායක එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් වශයෙන් නම් කර තිබෙනවා.

නීතීඥ රොනල්ඩ් පෙරේරා මැතිවරණ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට පත් කෙරුණා.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නිලධාරී මණ්ඩලයේ ද වෙනසක් සිදු කරමින් එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස ෆිරෝස් ශාබ්දීන් පත් කර ඇති අතර භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ මිස්බා සතාර් උප සභාපති ලෙසද, ක්‍රිෂාන් තියඩෝර් නියෝජ්‍ය මහ ලේකම් ලෙසද පත් කර ඇතැයි වාර්තා වෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානම තනතුරු ලෙස සැලකෙන නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක, උපනායක අකිල අකිල විරාජ් කාරියවසම් ප්‍රමුඛ සෙසු නිලධාරීන්ගේ තනතුරු කිසිවක් වෙනස් නොවී පවත්වා ගෙන යාමටද කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී තීරණය කර තිබෙනවා.

පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්ව තිබුණේ එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!