ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ද? මැතිවරණ ද? තමන්ගේ ස්ථාවරය කියන්නැයි රංගෙ බණ්ඩාරගෙන් ප්‍රධාන පක්ෂවලට ඉල්ලීමක්

පාර්ලිමේන්තුවේ සහ ජනාධිපතිවරයාගේ කාලය දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට කළ ප්‍රකාශය පිළිබඳ පැහැදිලි කරමින් අද (03) පැවැත්වු මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා තමාගේ ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කළ එකක් බව පවසා සිටියා.

සිය ඉල්ලීම සාධාරණීකරණය කරමින් ඔහු අනෙකුත් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව තමා සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනමත විචාරණයක් පැවැත්වීම පිළිබඳ ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක් ගැන පමණක් බව ඔහු පවසා තිබෙනවා.

ජනාධිපතිවරයාගේ මතය අනුව ජාතික වැදගත්කමක් ඇති ඕනෑම කරුණක් පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 86 සහ 87 වගන්ති අනුව ජනමත විචාරණයක් කැඳවීමේ බලය හිමිය.

“මම කතා කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක ඇතුළු දේශපාලන පක්ෂවලට මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශ කරන ලෙස පමණයි. තවත් ආර්ථික අවපාතයක් වළක්වා ගැනීම සඳහා දේශපාලන පක්ෂ එකට එකතු වීමයි මට අවශ්‍ය වුණේ. නමුත් මෙතෙක් කිසිවකු තම නිල ස්ථාවරය ප්‍රකාශ කර නැහැ,” ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් අපි ජනාධිපතිවරණයට සූදානම් බවද ඔහු මෙහි දී සඳහන් කළා.

Latest News

More like this

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...

නාකොටික් එකේ ඉතාම රහසිගත තොරතුරු පද්ධතියකට ජාවාරම්කරුවන් ඇතුළු වෙලා

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉතාම රහසිගත තොරතුරු මහා පරිමාණ...

වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත් කර ගැනීමට නොහැකිව විගණන වැඩ ඇණ හිටී..

පසුගිය සති දෙකක කාලය තුළ වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත්...

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...