විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (04) ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය පවසා ඇත්‍තේ පනත් කෙටුම්පත, සංශෝධනය කළහොත් අනනුකූලතාවය ඉවත් කළ හැකි බවයි.
විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමඟ විවාදය කල් දමන ලෙසට විපක්ෂය පාර්ලිමේන්තුවේදී දැඩි ආන්දෝලනයක් ඇති කළ අතර එය අවශ්‍ය පරිදි බ්‍රහස්පතින්දා නියමිත පරිදි ක්‍රියාත්මක විය යුතු බවට ආණ්ඩු පක්ෂය අවධාරණය කර ඇතැයි වාර්තා වෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවාදය කල් දමන ලෙස ඉල්ලා සිටි අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පනත් කෙටුම්පත ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කිරීම ප්‍රමාද කරන ලෙස ඉල්ලා සිටියා.
“අපි පනත් කෙටුම්පත සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පිළිබඳව පුළුල් අධ්‍යයනයක් කළ යුතු අතර ඒ නිසා බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත විවාදය කල් දමන ලෙස අප ඉල්ලා සිටිනවා”විපක්ෂ නායකවරයා සඳහන් කළා.
ඊට පිළිතුරු දුන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව පනත් කෙටුම්පත සංශෝධනය කරන බවට සහතික වී තිබෙනවා
“අපිට බ්‍රහස්පතින්දා විවාදය සංශෝධන එක්ක ඉදිරියට යන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව සහතික කිරීම සඳහා මාර්ගෝපදේශයක්. විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බවට අපි සහතික වෙනවා. අපි දැනටමත් යම් යම් සංශෝධනවලට එකඟ වී ඇති අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව විභාග වූ අවස්ථාවේදී අපි මේ බව ප්‍රකාශ කළා” අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා
ලංකා විදුලිබල මණ්ඩලය, ප්‍රතිව්‍යුහගත කරන බවට ඔවුන් විසින්ම ඔවුන්ගේ ආර්ථික සැලැස්මේ සඳහන් කර තිබෙනවා. සමගි ජන බලවේගය පනත ගැන කෑගසන්නේ ඇයි කියන එක ප්‍රශ්ණයක්” ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මෙහිදී යෝජනා කර තිබුණේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය එක් දිනකට සීමා නොකරන ලෙසත් දින දෙකකට දීර්ඝ කරන ලෙසයි.