තුනෙන් දෙකේ බලය ගිලිහෙයි – මෝදි තුන්වෙනි වරටත් ඉන්දියාවේ අගමැති පුටුවට

ලොව ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස ප්‍රකට ඉන්දීය මහමැතිවරණයේ බහුතර ආසන සංඛ්‍යාවක ප්‍රතිඵලවල අනුව නරේන්ද්‍ර මෝදි තුන්වැනි වරටත් ඉන්දියාවේ අගමැතිවරයා ලෙස පත්ව ඇතැයි වාර්තා වෙනවා.

කෙසේ වෙතත් නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) ඇතුළු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය (NDA) පක්ෂය තුනෙන් දෙකේ බහුතරය ලබා ගැනීමට සමත් වී නැහැ.

භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කිරීමට අපේක්ෂාවෙන් සිටි බොහොමයක් ආසනවල ඔවුන් පරාජයට පත් වී ඇති අතර රාහුල් ගාන්ධිගේ කොංග්‍රසය ආසන 200 කට වැඩි සැලකිය යුතු ජයග්‍රහණයක් අත්පත් කරගෙන තිබෙනවා.

එම ජයග්‍රහණයෙන් පෙනෙන්නේ පිට පිට තුන්වැනි වරටත් ඉන්දීය ජනතාව NDA සන්ධානය ගැන විශ්වාසය තැබූ බව යැයි ජයග්‍රහණයෙන් පසුව මෝදි ප්‍රකාශ කළ බව ද ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කළා.

ඉන්දීය මහමැතිවරණයේ නිල ප්‍රතිඵල ඊයේ (04) මධ්‍යම රාත්‍රියේදී නිකුත් කිරීමට හැකිවනු ඇතැයි එරට මැතිවරණ කොමිසම අපේක්ෂා කර තිබුණා.

ඉන්දියාවේ රජයක් පිහිටුවීමට අවශ්‍යවන්නේ ආසන 272 ක් වන අතර, එරට දේශපාලන විශ්ලේෂකයන් ප්‍රකාශ කළේ භාරතීය ජනතා පක්ෂ සන්ධානය මෙවර මැතිවරණයේදී එම ඉලක්කය සපුරාගනු ඇති බවයි.

මිලියන 968ක ඡන්දය මඟින් මන්ත්‍රීවරු 543 දෙනකු තෝරා පත්කර ගැනීමට අප්‍රේල් මාසයේ 19 වැනිදා සිට ජූනි මස 1 දින දක්වා දින 44ක් පුරා අදියර 7කින් යුතුව පැවති මෙවර ඉන්දීය මහ මැතිවරණයෙන් ජාත්‍යන්තර වශයෙන් ද අවධානයට ලක් වුණා.

Latest News

More like this

මුහම්ම්ද් නබිතුමන්ට කාටුනයකින් අපහාස කළ තුර්කියේ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කලු පැල්ලම් සහිත ඉතිහාසයක් ඇති තුර්කිය...

ඉන්දියාවේ ජනප්‍රිය තාරකාවක් හදිසියේම ජීවිතක්ෂයට

Big Boss 13 රියැලිටි වැඩසටහන ඔස්සේ ජනප්‍රිය වූ ෂෙෆාලි...

බදුවලින් බේරෙන්න ගහපු ගේමක් මාට්ටු වී ආනයනය කළ වාහන 300 ක් යළි හරවා යවයි

වාහන ආනයනයේදී සිදුවූ වංචාවක් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව වාහන...
error: Content is protected !!