ශෙරීසා ටෙක්නොලොජීස( Sherisha Technologies) සහ සුප්‍රිම් ග්ලෝබල් කොන්සෝටියම් (Supreme Global Consortium) විසින් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අත්පත් කර ගැනීමේ ඔවුන්ගේ ලංසුව ඉහළ පෙළේ උපාය මාර්ගික හවුල්කරුවන් කිහිප දෙනෙකු සම්බන්ධ කර ගනිමින් ශක්තිමත් කර ඇති බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් හි කොටස් බෙදා හැරීම සඳහා දැනට ලංසුකරුවන් සමාලෝචනය කරමින් සිටින ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයට (SOERU) පැහැදිලි කිරීම් ලබා දෙමින් මෙම හවුල්කාරිත්වය ඔවුන්ගේ සන්ධානය පිළිබඳ අනාවරණය කර තිබෙනවා.
නව හවුල්කරුවන් අතර ගෝලීය ධනවතුන් අතර ඉහළ පෙළ නාමයක් වන අබුඩාබි හි HRH Sheikh Tahnoon bin Zayed al-Nahyan ට අයත් Terminal Holdings LLC ද ඇතුළත්ව සිටිනවා. මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ වාණිජ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ඉවහල් වනු ඇති බව සඳහන්.
මීට අමතරව, ගුවන් යානා සැපයීම සහ ශ්‍රී ලංකාව තුළ නඩත්තු හා අලුත්වැඩියා පහසුකම ස්ථාපිත කිරීම සඳහා මෙම සමුහය Challenge Aerospace LLC සහ Emirates Aerospace LLC සමඟ හවුල්කාරිත්වයන් ලබාගෙන තිබෙනවා.
මෙම සන්ධානයෙ හි ශක්තිමත් මූල්‍ය රාමුවට සහය වන MBS Global Investments, Sheikh Nayef Bin Eid Al Thani ගේ පුද්ගලික කාර්යාලයේ ආයෝජන අංශය වන අතර, එහි පුළුල් ජාලය සහ fintech, green technologies, Real Estate, logistics සහ aviation පිළිබඳ ආයෝජන විශේෂඥතාව සඳහා ප්‍රසිද්ධිය උසුලයි.
එමෙන්ම MMAG Holdings Berhad හි අනුබද්ධිත MMAG Aviation Consortium SDN BHD (MAC), අඛණ්ඩව සමුහයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබයි.
ඔවුන්ගේ දායකත්වය ඔස්සේ ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ශක්තිමත් භාණ්ඩ පෝෂක ජාලයක් ස්ථාපිත කිරීම, අත්පත් කර ගැනීමෙන් පසු පුළුල් ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන්ට දායක කර ගැනීම සිය අපේක්ෂාව බව සමාගම වැඩිදුරටත් පවසා තිබෙනවා.