හය හතර නොතේරෙන දරුවෙක්ට තිරිසන් ලෙස පහර දුන් කුකුල් චමින්ද පොලිසියෙන් කුදලගෙන යයි

සිව් හැවිරිදි දරුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි කුකුල් චමින්ද හෙවත් බිබිලේ චමින්ද නමැති සැකකරු ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් සිව් හැවිරිදි දරුවාට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

අසල්වාසියෙකු විසින් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබූ වීඩියෝව පටිගත වී තිබුණු වීඩියෝවක අදාළ සැකකරු තම නිවසේ ආහාර ගනිමින් සිටියදී දරුවාට අමානුෂික ලෙස පහර දෙන අයුරු සටහන්ව තිබූ අතර එය අමානුෂික පහර දීමක් බව දැකගත හැකි වුණා.

පොලීසිය පැවසුවේ, 45 හැවිරිදි සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය සහ වැලිඔය පොලීසිය විසින් අද (05) අලුයම පුල්මොඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි. සැකකරුට ආධාර කිරීමේ චෝදනාව මත කාන්තාවන් දෙදෙනා ද අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

සියලුම සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News

More like this

දිට්වා සම්බන්ධයෙන් විමර්ශනයකට ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න.. පාඨලී

'දිට්වා' සුළි කුණාටුව හැසිරවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන,...

මස්ක්ගෙන් ලංකාවට ස්ටාර්ලින්ක් සහනාධාරයක්

එක්සත් ජනපද ප්‍රකෝටිපතියකු වන ස්ටාර්ලින්ක් ආයතනයේ හිමිකරු වන ඊලොන්...

මෙසීව බලන්න අපි හනිමුන් එක කැන්සල් කළා…

ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී "GOAT India Tour" සංචාරය...