යන්තම් ඔළුව උස්සන්න හදනකොටම හෝටල්වල ‘Happy Hour’ තහනම් කළ රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දෝස්මුරයක්

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) හෝටල්වලින් ‘Happy Hour’ ඉවත් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (04) දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය වෙත කනස්සල්ල පළ කර ඇති අතර එමඟින් රටේ වර්ධනය වන සංචාරක කර්මාන්තය ආපසු හැරවීමක් සිදුවන බවට චෝදනා කර තිබෙනවා.

පසුගිය සතියේ NATA විසින් නිකුත් කරන ලද ආන්දෝලනාත්මක නිවේදනයක් සංචාරක සහ සත්කාරක ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ කණස්සල්ලට හේතු වූ අතර එහි පාර්ශවකරුවන් වන හෝටල් හිමියන්, ආපනශාලා හිමියන්,සංචාරක බලධාරීන් මෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුව වැනි නීතිය ක්‍රියාත්මක කරන ආයතන ද මෙම පියවරට පියවර පිළිබඳ නොසතුට පළ කරනු ලැබුවා.

මෙම ගැටලුව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන බවට සංචාරක බලධාරීන් පසුගිය සතියේ සහතික වූ අතර NATA සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නියෝජිතයන් ඇතුළු අදාළ පාර්ශ්වයන් ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වීමකට කැඳවා තිබුණා.

මෙම නීතිය හදිසියේ ක්‍රියාත්මක කිරීම සඳහා NATA ආයාතනයට හේතු වූ කරුණු පැහැදිලි කරමින් ඔවුන් පැවසුවේ වැඩි ගනුදෙනුකරුවන් සහ පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ‘Happy Hour’ නමින් මධ්‍යසාර සඳහා විවිධ වට්ටම් ලබා දෙන ක්‍රමවේදයක් හෝටල් සහ ආපනශාලාවල ප්‍රචලිත කිරීමට එරෙහිව නීතිය රකින බවට චෝදනා එල්ල වීම ඒ සඳහා හේතු වූ බවයි.

දුර්වල ආර්ථිකය නගා සිටුවීමට සංචාරක හා විනෝදාස්වාද කර්මාන්තයේ දියුණුව අත්‍යවශ්‍ය වන අතර මෙවැනි ක්‍රියාමාර්ග එවැනි ප්‍රයත්නයන්ට බාධාවක් විය හැකි බවට ජනාධිපති වික්‍රමසිංහ මහතා එහිදී කණස්සල්ල පළ කළ බව වාර්තා වෙනවා.

කර්මාන්ත පාර්ශවකරුවන්ගෙන් සහ අදාළ බලධාරීන්ගෙන් උපදෙස් නොගෙන NATA ආයතනය අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළේ මන්දැයි ජනාධිපතිවරයා දැඩි ලෙස ප්‍රශ්ණ කළ බව පැවසෙනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී SLTDA ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ නීතිය සම්බන්ධයෙන් සහ ඉදිරියේදී ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය මේ වන විටත් උපදෙස් ලබාගෙන ඇති බවයි.

Latest News

More like this

වාහන සඳහා උපරිම ණය සීමාව සංශෝධනය වේ

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය...

ශ්‍රී ලංකාව ඇමරිකාව සමඟ වෙළඳ ගිවිසුමකට යා යුතුයි.. මහාචාර්ය වසන්ත අතුකෝරාල

රී ලංකාව ඇමරිකාව සමග අවම වශයෙන් වසර 05කට පමණ...

රජයෙන් සීමා වැටුණොත් වාහන මිල අහසේ… වාහන ආනයනකරුවෝ අනතුරු අඟවයි

මෙරටට වාහන ආනයනය කිරීමට මෙම අවුරුද්ද සඳහා වෙන් කරන...
error: Content is protected !!