ආන්දෝලනාත්මක VFS ගණුදෙනුව පිළිබඳ කෝප් විමර්ශනය ඉවරයි

ශ්‍රී ලංකාවේ නව වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ මතභේදාත්මක VFS ගණුදෙනුව පිළිබඳ විමර්ශනය
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) අවසන් කර ඇති බව වාර්තා වෙනවා.

‘X’ ඔස්සේ මේ බව සඳහන් කරමින් CoPF සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ, අඟහරුවාදා (ජුනි 04) පාර්ලිමේන්තුවේ පැවති CoPF රැස්වීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන නිලධාරීන් පැමිණ සිටි බවයි.

“අපගේ වාර්තාව හැකි ඉක්මනින් ඉදිරිපත් කරනවා. එතෙක් මම වැදගත් කරුණු සාකච්ඡා නොකරමි”ඔහු එහි සඳහන් කර තිබෙනවා.

මෙම වසරේ මැයි මාසයේදී, ගෝලීය වීසා සැකසුම් සේවාව වන VFS Global විසින් අලුතින් හඳුන්වා දුන් වීසා නිකුත් කිරීමේ ක්‍රමය සහ එහි ගාස්තු පිළිබඳ කරළියට ආවේ එම ක්‍රියාවලිය පිළිබඳව දේශීය මගියෙකු කණස්සල්ල හා විරෝධය පළ කිරීමෙන් පසුව, සිද්ධියේ වීඩියෝව සමාජ මාධ්‍යවල පුළුල් ලෙස සංසරණය වීමත් සමඟයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වීසා සැකසීම භාරගත් ඉන්දීය සමාගම් ප්‍රමාදයන් සිදු කරන බවත් අමතර සැකසුම් ගාස්තු අය කරන බවත් තරුණයකු එම වීඩියෝව ඔස්සේ හෙළිදරව් කළා.

එම අවස්ථාවේදී, සිද්ධියට සහ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීම ඉන්දීය සමාගම් භාරගෙන ඇති බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කළා.

වීසා ක්‍රියාවලිය සිය විෂය පථය අයත් මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ද එම ක්‍රියාවලිය ගෝලීය වීසා සැකසුම් සේවාව වන VFS Global වෙත ලබාදීමට තීරණය කළේ කැබිනට් අනුමැතියෙන් පසුව බවත් එය පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක නොකළ බවත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණා.

Latest News

More like this

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...

ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා..! යෝශිතට එරෙහි නඩුව විසිවෙයිද ?

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින...

කාසල් රෝහලේ දෙබිඩි දරු උපතක්

කාසල් වීදියේ කාන්තා රෝහලේ දෙබිඩි දරු උපතක් සිදුව ඇති...

NVQ3 මට්ටමේ ස්මාර්ට් වෙල්ඩර් පුහුණු පාඨමාලාවක්

වයස අවුරුදු 18 සම්පූර්ණවු සියලු තරුණ තරුණියන්ට අයදුම් කිරීමට...
error: Content is protected !!