සජිත් – අනුර විවාදයට හෙට ITN තුලාවේ සියල්ල සූදානම්.. ලක්වාහිනී යූ ටියුබ් නාළිකාව ඇතුළු සමාජ මාධ්‍ය රැසක් සජීවි විකාශයට එක්වෙයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගීවන ‘තුලාව’ වැඩසටහන හෙට රාත්‍රී 10.00 ට විකාශය වීමට නියමිතව තිබෙනවා.

යෝජිත රූපවාහිනී විවාදය සඳහා ITN නාළිකාවේ තුලාව වැඩසටහන වෙන් කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය HD මැදිරිය ඇතුළු සියලු පහසුකම් සැපයීමට සූදානම් බව ස්වාධීන රූපවාහිනිය ඊයේ (04) දෙපාර්ශවය වෙතම දැනුම් දී තිබුණා.

ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන විසින් දෙපාර්ශවයන් වෙතම යොමු කර ඇති එම ලිපිය අනුව මේ වන විට මුළු රටම බලා සිටි විවාදය විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව හෙට රාත්‍රී 10.00 සිට ITN තුලාව වැඩසටහන අපගේ ලක්වාහිනී යූ ටියුබ් නාළිකාව ඔස්සේ විකාශය කිරීමට ද සියලු කටයුතු සූදානම් කර අවසන්.

එමෙන්ම බහුතරයක් සමාජ මාධ්‍ය සහ යූ ටියුබ් නාළිකා ද එම වැඩසටහන සජීවිව විකාශය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

Latest News

More like this

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...

සබීතාගේ බිල්ඩිම යළි කරලියට ! – රනිල් යලි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් !

ජනප්‍රිය රංගන ශිල්පිනියක වන සබීතා පෙරේරාට අයත් රාජගිරියේ පිහිටි...

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සොයන්න ආරක්ෂක අංශ නිවසට යයි !

හිටපු අමාත්‍යවරයකු වූ ප්‍රසන්න රණතුංග සෙවීම සඳහා අල්ලස් හෝ...

ලතා වල්පොළගේ 91 වැනි උපන්දිනය සැමරීමට සජිත් එක්වෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනි ලතා වල්පොළ මහත්මියගේ 91 වැනි ජන්ම...
error: Content is protected !!