අනුර අහන්න හිටිය ප්‍රශ්ණ සෙට් එකක් ගෙඩි පිටින් උස්සලා සජිත්ට පාර්ලිමේන්තුවේ දී වස ලැජ්ජාවක් වෙයි

ජාතික ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ මතු කිරීමට සිටි ප්‍රශ්නයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔහුට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල සිදුවීමක් ඊයේ (04) පාර්ලිමේන්තුවෙන් වාර්තා වුණා.

අනධ්‍යන සේවක වර්ජනය ආවරණය වන ආකාරයට විපක්ෂ නායකවරයා විසින් අධ්‍යාපන අමාත්‍යවරයාට ප්‍රශ්ණ ගණනාවක් යොමුකළ අතර අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්ණ ඇසීමට සූදානම් වුණු අවස්ථාවේ කතානායකවරයා විසින් දැනුම් දී තිබුණේ එම ප්‍රශ්ණ මීට පෙර සජිත් ප්‍රේමදාස මහතා විසින් ඇසූ ප්‍රශ්ණම බවයි.

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ බොළඳ සෙල්ලමක් සිදු කළ බව එහි දී අනුර කුමාර දිසානායක මහතා එහි දී කියා සිටියා.

තමන් විසින් මෙම ප්‍රශ්නය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර විපක්ෂ නායක කාර්යාලයට එය ඉදිරිපත් කළ බවත් පසුව විපක්ෂ නායකයා විසින් තමන් ඉදිරියේම එම ප්‍රශ්නය මතුකලේ කෙසේදැයි අනුර දිසානායක මහතා කතානායකවරයාගෙන් ප්‍රශ්ණ කරනු ලැබුවා.

ඒ අනුව විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස ප්‍රශ්න පාර්ලිමේන්තුවට යොමු කිරීම විපක්ෂ නායක කාර්යාලය හරහා නොකර කෙලින්ම පාර්ලිමේන්තු මහා ලේකම්ට යැවීමට ඉදිරියේදී කටයුතු කරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...