ශ්‍රී ලංකා කණ්ඩායමට ඇමරිකාවේදී කුඩම්මාගේ සැලකිලි – සජිත් පාර්ලිමේන්තුවට කියයි

ලෝක කුසලාන විස්සයි20 තරගාවලිය සඳහා ඇමරිකාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) කුඩම්මාගේ සැලකිලි එල්ල වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රවාහන පහසුකම් සහ තරග කාලසටහන් සම්බන්ධයෙන් බරපතළ ගැටලුවලට මුහුණදීමට සිදුව ඇති බවයි.

ICC රෙගුලාසිවලට අනුව තරගය පැවැත්වෙන ක්‍රීඩාංගනයේ සිට උපරිම මිනිත්තු 45ක දුරක් ඇතුළත කණ්ඩායමට නවාතැන් ලබා දීම සිදු කළ යුතු වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම නතර කරනු ලැබූ ස්ථානයේ සිට ක්‍රීඩාංගනය පැවතුණේ පැය එකහමාරක දුරින් බව ඔහු සඳහන් කරනවා.

මෙම ගැටළු හේතුවෙන් කණ්ඩායමට පුහුණු තරඟ මඟහැරී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා පැවසුවේ මෙම ගැටළුවලට මුහුණ දී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම පමණක් බවයි.

“ඇයි අපේ කණ්ඩායමට විතරක් මේ කුඩම්මාගේ සැලකිලි. ඒ අයට අවශ්‍ය පහසුකම් සලසන්නේ නැත්නම් ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒක එයාලගේ ප්‍රතිඵලයට බලපානවා”

ප්‍රේමදාස ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ මේ පිළිබඳව සොයා බලන ලෙසයි.

සභානායක සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ මෙය ක්‍රීඩා අමාත්‍යාංශය වෙත යොමු කරන බවත් හෙට දිනයේ පිළිතුරු ලබාදෙන බවයි.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...