සුපර් ස්ටාර්ස්ලා දැන් කරන වැඩ – ඡේතවනාරාමයේ අකුණු සන්නායක ඉස්සූ සිරස සුපර් ස්ටාර් දැලේ

ජේතවනාරාම චෛත්‍යයේ අකුණු සන්නායකය සොරා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා සිරස නාළිකාව ඔස්සේ විකාශය වූ සුපර් ස්ටාර් තරගය ඔස්සේ රටම හඳුනන අයෙකු බව වාර්තා වී තිබෙනවා.

මොහු සිරස සුපර් ස්ටාර් අවසන් වටයට තේරී පත් වුණු මංජුල පුෂ්පකුමාර අයෙකු බව සඳහන් වෙනවා.

ඉකුත් 03 වැනි දා පස්වරුවේ උඩමළුව පොලිසිය විසින් මොහු අත් අඩංගුවට ගෙන තිබුණා.

ඔහු සමග තවත් සැකකරුවන් සිව් දෙනෙක් ද අත්අඩංගුවට ගන්නා ලද අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බව වාර්තා වෙනවා.

Latest News

error: Content is protected !!