හෙට තුලාවට අනුර එන එක ස්ථිරයි – සජිත්ගේ ප්‍රතිචාරය කඩිනමින් දන්වන්නැයි ඉල්ලීමක්

ස්වාධීන රූපවාහිනී සේවයේ තුලාව වැඩසටහන ඔස්සේ හෙට (ජුනි 06) රෑ දහයට විකාශය වීමට නියමිත විවාදය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන බව එම නාළිකාව වෙත ලිඛිතව දන්වා තිබෙනවා.

ඒ අනුව එම පක්ෂය ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයාට සෘජුවම දන්වා ඇත්තේ මෙය සාමාන්‍ය විවාදයක් නොවන දැනටමත් ප්‍රකාශිත විවාදයක් නිසා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට සම්බන්ධ වන්නේද යන්න නිශ්චිතවම දැනගත යුතු බවයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා අදාළල දිනයේදී ඊට සහභාගී වන්නේද යන්න කඩිනමින දැනුම් දීමට කටයුතු කරන්නැයි ජාතික ජන බලවේගය ස්වාධීන රූපවාහිනී සේවයට දැනුම් දී තිබෙනවා.

Latest News

error: Content is protected !!