රෝයල් පාක් නඩුවේ ජූඩ් ජයමහට මෛත්‍රී ලබාදුන් ජනපති සමාව අවලංගු කෙරෙයි

රෝයල් පාර්ක් ඝාතනයේ චූදිත දොන් ශාමන්ත ජූඩ් ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය අත්තනෝමතික බවත් එය වලංගු නොවන බවත් විධායක ජනාධිපතිවරයාගේ සමාවේ විෂය පථයට අදාළ තවත් සුවිශේෂී නඩු තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) ලබා දී තිබෙනවා.

ඒ අනුව ශ්‍ය ජූඩ් ඇන්තනි ජයමහ මහතාට ලබා දී තිබූ ජනපති සමාව බල රහිත කර තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉහත වගඋත්තරකරුට ජනාධිපති සමාව ලබා දීමේදී පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් සහ මහජන විශ්වාසය කඩ කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩු තීන්දුව දෙමින් ප්‍රකාශ කළා.

රෝයල් පාර්ක් ඝාතන චූදිතයාට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති සිරිසේන ගත් තීරණයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් කාන්තා සහ මාධ්‍ය සාමූහික සංවිධානය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණා.

මෙම තීන්දුව සැලකිල්ලට ගනිමින් ජූඩ් ජයමහට පනවා ඇති දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතියට අනුව අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

මෙම නියෝගය ලබා දුන්නේ එස්.තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...