පාසල්වල පළමු ශ්‍රේණියට ලැබෙන අයදුම්පත්‍රවල අඩුවීමක්

මෙරට දරු උපත් ප්‍රමාණය මේ වනවිට අඩුවී ඇති නිසා ඉදිරියේ දී පළමු ශ්‍රේණියට අයැදුම්පත් ලැබීම අඩුවන බව සභානායක හා අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (5 දා) පාර්ලිමේන්තුවේ දී පවසා තිබෙනවා.

වසරකට 3,30,000ක් වූ දරු උපත් ප්‍රමාණය මේ වන විට 300000 දක්වා අඩු වී ඇති බවත් ඒ අනුව ඉදිරියේ දී මානව සම්පත නිසි පරිදි කළමනාකරණය කළ යුතු බව ඔහු සඳහන් කළා.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කුමාරි විජේරත්න (සජබ) මහත්මිය ඉදිරිපත් කළ කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මෙසේ පවසා සිටියා.

“40000ක ගුරු හිඟයක් තිබුණා. අධ්‍යාපන පරීක්‍ෂක සේවයට වසර 3කින් බඳවාගැනීම් සිදුවී නෑ. විදුහල්පති පත්වීම් වසර 5ක් දීලා නෑ. දැන් දීලා තියෙනවා. ගුරු හිඟය අතිශෝක්තියක් නොවෙයි. පළාත් මට්ටමින් පත්වීම් දෙමින් තිබෙනවා. තවත් ගුරුවරුන් 10,535කට ජුලි මැද වනවිට පත්වීම් දෙනවා.

වසරකට 3,30000ක් වූ දරු උපත් ප්‍රමාණය මේ වනවිට ලක්‍ෂ 3ට වඩා අඩුවෙලා. පළමු ශ්‍රේණිය අයැදුම්පත් ප්‍රමාණය අඩුයි. මානව සම්පත නිසි ආකාරයට කළමනාකරණය කළ යුතුයි.

පළාත් හා කලාප මට්ටමින් ගුරු තුලනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. පරිපාලනමය ප්‍රතිසංස්කරණ ගැන අපි කතා කළා. පළාත් 9ට යුනිට් 9ක් පිහිටුවිය යුතුයි. කලාප 100 එකසිය විස්ස විය යුතුයි. මණ්ඩල ඇතිවෙනවා. සෑම පාසලක්ක්ම පර්ෂදයකට ඇතුළත් වෙනවා. මේ ක්‍රමය තුළ ගමේ දරුවන් කොළඹ පැමිණිය යුතු නෑ. මෙය තමයි කන්නනංගර අධ්‍යාපන ක්‍රමය. පර්ෂද හා මණ්ඩල ලෙස කලින් සම්පත් බෙදීයෑම කළමනාකරණය කළ හැකියි.

දැන් තියෙන විෂය මාලා සංවර්ධනයට අවුරුදු 5ක් විතර යනවා. මම සදාකාලිකව ඇමැතිකම භාරගත්ත නොවෙයි. අපි පීල්ලට දාන්න ආවේ. කට්ටිය පැනලා ගියා. සිහින මාලිගා හදන්න සමහරු උත්සාහ කරනවා.”

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!