අනුරගේ පැමිණීමත් සමඟ ITN එකට ජනතා ආදරය වැඩි වේ

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (06) දිනයේ සහභාගී වූ ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) විශේෂ තුලාව වැඩසටහන මේ වන විට නැරඹුම් වාර ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබෙනවා.

අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර මතභේදයට තුඩු දී ඇති විවාදය ජුනි 06 වෙනි දා පැවැත්වීමට නියමිතව තිබූ අතර ස්වාධීන රූපවාහිනි සේවය ඊයේ දිනයේ දී එය විකාශය කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර තිබුණා.

ඒ සඳහා පක්ෂ දෙකෙහිම නායකයින්ට ලිඛිත ඉල්ලීමක් කර තිබූ අතර එම ඉල්ලීම පිළිගෙන ඊයේ දිනයේ දී තුලාව වැඩසටහනට සහභාගී වී සිටියේ අනුර කුමාර දිසානායක මහතා පමණයි.

සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා සහභාගී නොවූ අතර අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය මාධ්‍ය නාළිකාවක් වන ස්වාධීන රූපවාහිනියට පා තැබුවේ වසර තුනකට පසුවයි.

මුළු රටම අවධානයෙන් බලා සිටි විවාදය මඟ නොහැර රාජ්‍ය මාධ්‍ය නාලිකාවක් යන්න ද නොසලකා ඔහු එහි සහභාගී වීම බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට හේතු වූ අතර රාජ්‍ය මාධ්‍ය නාළිකාවක් වන ස්වාධීන රූපවාහිනී සේවය ද මෙහිලා කළ මැදිහත්වීම ප්‍රශංසනීය බවට අදහස් පළ වුණා.

මෙම වැඩසටහන ලක්වාහිනී යූ ටියුබ් නාලිකාව ඇතුළු යූ ටියුබ් නාළිකා කිහිපයක් ඔස්සේ ද සජීවීව විකාශය කෙරුණා.

Latest News

More like this

‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

'දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004...

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...