විදුලිබල පනත සම්මත කරන්නේ විදුලිබල මණ්ඩලයේ LTTE යටත් වඩා දරුණු ත්‍රසත්වාදය අවසන් කිරීමටයි

නව විදුලිබල පනත සම්මත වීමෙන් අනතුරුව විදුලි බල මණ්ඩලයේ සමහරුන්ට බිස්නස් අහිමි වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

ඒ අනුව යෝජිත නව පනත මඟින් විදුලිබල මණ්ඩලය තුළ පවතින දැඩි ඒකාධිකාරය අහෝසි වී යා හැකිය යන බියක්ද ඇතැමෙකු තුළ පවතින බව ඔහු පවසා තිබෙනවා.

ඔහු මේ බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තුවේ දී විදුලිබල පනත් කෙටුම්පත් විවාදය අතරතුරදීය.

“සමහරු කියනවා මේ පනත ගේන්නෙ ඇමතිවරයාගෙ බලය වැඩි කරන්න කියලා. ඇමතිවරයා බලය පාවිච්චි කරනව නම් දැන් තියෙන පනත තමයි හොඳම බලවත්ම පනත. සාමාන්‍යාධිකාරී පත් කරන්න ඕන නම් මට ගෙදර ඉන්න ඩ්‍රයිවර් ගෙනැල්ල සාමාන්‍යාධිකාරී කරන්න පුළුවන්. පනත තියෙනවා.

පනත තියෙන අතරේ ඇතුළෙ ව්‍යවස්ථාවක් හදන් ඉන්නව විදුලි ඉංජිනේරු සංගමය කියන ත්‍රස්තවාදී කණ්ඩායමක්. තව සංගම් තියෙනවා. දැන් ස්වාධීන ඉංජිනේරුවො ඉන්නවා. ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවො ඉන්නව. මැකිනිකල් ඉංජිනේරුවො ඉන්නවා. සිවිල් ඉංජිනේරුවො ඉන්නවා. ඒ කට්ටිය මේකට සම්බන්ධ වෙන්නෙ නෑ.

හැබැයි මේකට සම්බන්ධ වුණාම LTTE එකටත් වඩා දරුණුයි. ඒගොල්ලො තමයි තීරණය කරන්නෙ ඊලඟ GM වෙන්නෙ කවුද කියලා. පහුගිය අවුරුද්දේ සාමන්‍යාධිකාරිවරයා විශ්‍රාම යනකොට මට කිව්ව ඊළගට ඉන්න එක්කෙනා පත් කරන්න අපි හදාගෙන ඉන්නෙ එයාව කියලා. මං ඇහුව හැදුවෙ කොහොමද? අපේ ඇතුලෙ ක්‍රමවේදයක් තියෙනවලු. මං ඇහුව එයා කවුද? විදුලි ඉංජිනේරුවෙක්ලු. මං ඇහුව වෙන ඉංජිනේරුවන්ට අවස්ථාවක් නැද්ද කියලා. පරිපාලනය තියෙන මිනිහෙක්ට අවස්ථාවක් නැද්ද? නෑ ඔක්කොම යටපත් කරල තියෙන්නෙ.

අද විදුලිබල මණ්ඩලේ ඉන්න වෘත්තිය සමිති කියලා ඉන්න නායකයො 10 ක් එළියට ගෙන්න ගන්න බෑ. සම්පුර්ණ විශ්වාසය බිඳගෙන තියෙන්නෙ. අද ඉන්න නිලධාරින් බහුතරය මේ ප්‍රතිසංස්කරණවලට පක්ෂයි. ඔවුන් දන්නව පහුගිය කාලෙ ඔවුන්වත් මුවාකරගෙන තමයි කණ්ඩායමක් හිටියෙ කියලා. අපි මේ පිළිබඳ පහුගිය කාලෙ හොඳට අධ්‍යයනය කළා.

මේ පනත ආවොත් සමහරුන්ගේ බිස්නස් නැති වෙනවා. මේකෙ ඉන්න සමහරු තමන්ගේම සමාගම්වලට තමයි කොන්ත්‍රාත් ටික දීල තියෙන්නෙ. දැන් කියනවනේ අපි පුද්ගලීකරණය කරන්න යනවා කියලා. මේක ඇතුළෙ දැනටත් සේවා ටික වෙන්නෙ පුද්ගලික අංශෙත් එක්කනෙ.

මේ ගස් අතු කපන්නෙ කොහෙන්ද? විදුලිබල මණ්ඩලෙන් ද නෑ. පුද්ගලික අංශෙන් කරන්නෙ. බැණුම් අහන්නෙ අපි ඩිස්කනෙක්ෂන් කරන්නෙ කවුද? ඒ කරන්නෙත් පුද්ගලික ආයතන. වාහන 4000 ක් අරන් තියෙනව කුලියට. අපිට විදුලි බිල වැඩි කරන්න වුණේ ඇයි? නිසිකලට විදුලිබලාගාර ඉදි කරන්න ඉඩ දුන්නෙ නැහැ. උමා ඔය අවුරුදු 7 ක් පරක්කු වුණා.”

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!