කුකුල් චමින්දගේ නින්දිත ප්‍රහාරය ජනපති හෙළා දකී

හෙළා දකින අතර සෑම ආකාරයකම ළමා අපයෝජනවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා නීති ක්‍රියාත්මක කිරීම කඩිනම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සිය X ගිණුමේ සටහනක් තබන ජනාධිපතිවරයා පවසන්නේ, දරුවාගේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දිය යුතු බවත්, එවැනි අපයෝජනයන් හේතුවෙන් ළමයින්ට කල්පවත්නා කම්පනයන් ඇති කළ හැකි බවයි.

පසු ගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ සහ දැඩි කම්පනයක් ඇති කළ සිව් හැවිරිදි දරුවකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබෙනවා.

සමාජ මාධ්‍යවල බහුලව හුවමාරු වූ මෙම වීඩියෝව හේතුවෙන් ළමා අපයෝජන චෝදනා මත අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

“අවුරුදු 4 ක දැරියකට අමානුෂික ලෙස පහරදීම රටම භීතියට පත් කර තිබෙනවා. අධිකරණ ක්‍රියාවලිය ඔස්සේ අපරාධකරුවන්ට ආමන්ත්‍රණය කරන අතරම, අපි දරුවාගේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දිය යුතු අතර, ඒ සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ කඩිනම් සහ තීරණාත්මක ක්‍රියාමාර්ග අවශ්‍ය වෙනවා ”යැයි ජනාධිපති වික්‍රමසිංහ මහතා සිය පණිවිඩයෙහි සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...

ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා..! යෝශිතට එරෙහි නඩුව විසිවෙයිද ?

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින...

කාසල් රෝහලේ දෙබිඩි දරු උපතක්

කාසල් වීදියේ කාන්තා රෝහලේ දෙබිඩි දරු උපතක් සිදුව ඇති...
error: Content is protected !!