නව විදුලි බල පනත ඉන්දියාවේ ආදානි සමාගමට ශ්‍රී ලංකාවේ විදුලිය විකිණීමට දරණ උත්සහයක් – විජිත හේරත්

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත හරහා විදුලිබල ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ ඒකාධිකාරයක් ඇතිකරමින් රටේ විදුලිබල ක්ෂේත්‍රය ඉන්දියාවේ අදානි සමාගමට විකිණීමට රජය උත්සාහ කරන බව ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසා තිබෙනවා.

විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවති විවාදයේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පනත් කෙටුම්පතේ චේතනාව විදුලිබල ක්ෂේත්‍රය මත පෞද්ගලික අංශයේ ඒකාධිකාරයක් ඇති කිරීම බව පනත් කෙටුම්පතේ 20.6 සහ 30.4 වගන්තිවලින් පැහැදිලිවම පෙන්නුම් කරන බවයි.

විදුලිබල ක්ෂේත්‍රයේ පවතින රාජ්‍ය ඒකාධිකාරය විවේචනය කරමින් ඔහු කියා සිටියේ ආණ්ඩුව දැන් උත්සාහ කරන්නේ පෞද්ගලික අංශයේ ඒකාධිකාරයක් ඇති කිරීමට බවයි.

අදානිගේ යෝජනා කැබිනට් මණ්ඩලය හරහා අනුමත කර විදුලිබල පනත් කෙටුම්පත බලාත්මක කිරීමෙන් එම යෝජනා සඳහා නීතිමය රාමුව ලබා ගැනීමට රජය සැලසුම් කර ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

රටේ ජාතික ආරක්‍ෂාවට සහ ස්වෛරීභාවයට තර්ජනයක් බව පවසමින් විදුලිබල අංශයේ ඒකාධිකාරය පෞද්ගලික අංශයට පැවරීම බරපතළ කාරණයක් බවද ඔහු මෙහි දී වැඩිදුරටත් පවසා සිටියා.

Latest News

More like this

බංගලාදේශයේ පළමු අගමැතිනිය කලීඩා සියා සමුගනී

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි බේගම් කලීඩා සියා අභාවප්‍රාප්ත වී තිබෙනවා....

ඊශ්‍රායාලය සෝමාලිලෑන්ඩ් පිළිගත් පළමු රට බවට පත් වුණේ ඇයි?

සෝමාලිලෑන්ඩ් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්පළමු...

විගණකාධිපති පත් කරන ලෙස ජ්‍යාත්‍යන්තර හා දේශීය සංවිධාන 20කින් ජනපතිට බලපෑම්

විගණකාධිපති ධුරය වහාම පුරවන ලෙස ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, ශ්‍රී...