ප්‍රෙෂර් වැඩි වෙලා මාව මැරිලා යන්න පුළුවන්. මං ඉන්නේ ආතතියෙන් හර්ෂ පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි

පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයෙන් තමන් ඉවත් කිරීමේ කුහක ක්‍රියාවක් සිදුවෙමින් පවතින බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඒ සඳහා එම කාරක සභාවේ සාමාජිකයන්ගෙන් අත්සන් එකතු කිරීමක් සිදු කර ඇති අතර ඉතා අවම පහසුකම් යටතේ කාරක සභාවෙහි වැඩකරගෙන යන තමන් දැඩි මානසික ආතතියක පසුවෙන බව ඒ මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

තමන් එම තව දුරටත් ධුරයට අවශ්‍ය නැතිනම් ඉල්ලා අස්වීමට සූදානම් බවයි ඔහු පැවසුවේ.

‘මේ ප්‍රශ්න නිසා පීඩනය වැඩිවෙලා මැරෙන්න පුළුවන්. මං ඉන්නෙ ආතතියෙන්’

ගුවන් තොටුපොළේ වීසා නිකුතුව පෞද්ගලික සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් තමා මුදල් කාරක සභාවේ දී කථාකිරීම හේතුවෙන් තම ජීවිතය ගැන අවදානමක් ඇති බවත් කොයි මොහොතේ හෝ තමා මරා දැමිය හැකි බවත් කි ඔහු කෙසේ වෙතත් තමාට මේ දක්වා කිසිවෙකුත් සෘජුව මරණ තර්ජන එල්ල කර නැතැයි ද මෙහිදී සඳහන් කර සිටියා.

ඇතැම් අවස්ථාවල කාරක සභාවේ කාර්යමණ්ඩලයට ඇතැම් ගෙවීම සඳහා තම පුද්ගලික මුදල් පවා භාවිතා කිරීමට සිදුවූ බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

Latest News

More like this

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...