නවක මන්ත්‍රී කන්ගනාට ඉන්දියාවේ කෙල්ලෙක්ගෙන් උණු උණුවේම කණේ පාරක්

ඉන්දියාවේ ලෝක් සභාවට අභිනවයෙන් තේරී පත් වුණු රංගන ශිල්පිනී කන්ගනා රනෞත්ට චන්දිගාර් ගුවන් තොටුපළේ දී එහි ආරක්ෂක බලකායේ කොස්තාපල්වරියක් විසින් පහර දීමක් සිදුකර තිබෙනවා.

පසුගිය කාලයේ ඉන්දියාවේ පැවති ගොවි උද්ඝෝෂණය අවස්ථාවේ ගොවීන්ට අගෞරව කිරීම මෙම ප්‍රහාරයට හේතු වී ඇති බව වාර්තා වෙනවා.

ලෝක් සභා මැතිවරණයෙන් හිමාචල් ප්‍රදේශ් හි මැන්ඩි ප්‍රදේශය ජයග්‍රහණය කළ කන්ගනා, දිල්ලිය බලා ගුවන් යානයකට ගොඩවීමට සූදානම්ව සිටියදී මෙම සිදුවීමට මුහුණ දුන්නා.

ඇයට කම්මුල් පහරක් එල්ල කළ බව කියන මධ්‍යම කාර්මික ආරක්ෂක බලකායේ (CISF) කොස්තාපල්වරිය Kulwinder Kaur නම් තැනැතත්තියක් වන අතර මේ වන විට ඇයගේ වැඩ තහනම් කර ඇති බව වාර්තාවල දැක්වෙනවා.

මේ සම්බන්ධයෙන් X හි වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින්, කන්ගනා ඇය ආරක්ෂිත නමුත් පන්ජාබ්හි නැගී එන ත්‍රස්තවාදය ගැන සැලකිලිමත් වන බව පවසා තිබෙනවා.

ප්‍රශ්ණකිරීම්වල දී කොස්තාපල්වරිය වැඩිදුරටත් පවසා ඇත්‍තේ ගොවීන්ගේ විරෝධතාවයේදී ඇය කළ “රුපියල් 100” ක ප්‍රකාශය සම්බන්ධයෙන් ඇයට කන්ගනා පිළිබඳ දැඩි කළකිරීමක් පැවති බවයි.

“එයා ප්‍රකාශයක් කළා ගොවීන් රුපියල් 100ට එතන වාඩිවෙලා ඉන්නවා කියලා. මගේ අම්මා මේ ප්‍රකාශය දෙනකොට එතන ඉඳගෙන විරෝධය පළ කළ කෙනෙක්”

2020 දෙසැම්බරයේ කන්ගනා X හි විරෝධතාවට සහභාගී වූ වයෝවෘද්ධ කාන්තාවක් පිළිබඳ සටහනක් තබමින් මෙවැනි අය “රුපියල් 100″කට කුලියට මිලදී ගැනීමට හැකි යැයි ප්‍රකාශයක් කර තිබුණා.

මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර, මැන්ඩි දෙසට යමින් සිටියදී ගොවීන් චන්දිගාර්හිදී ඇයගේ රථ පෙළ අවහිර කරමින් ද ඊට විරෝධය එල්ල කළා.

2021 පෙබරවාරියේදී, ජාත්‍යන්තර පොප් තරුවක් වන රිහානා ගොවීන්ගේ විරෝධතාව සම්බන්ධයෙන් එකල ට්විටර් ඔස්සේ “ඇයි අපි මේ ගැන කතා නොකරන්නේ යයි විමසා සිටියා.

ඊට ප්‍රතිචාර දක්වමින් රනෞත් පැවසුවේ“කිසිවෙකු ඒ ගැන කතා නොකරන්නේ ඔවුන් ගොවීන් නොවන නිසාත්, ඔවුන් ඉන්දියාව දෙකඩ කිරීමට උත්සාහ කරන ත්‍රස්තවාදීන් නිසාත්, එවිට චීනයට අපගේ අවදානමට ලක්විය හැකි බිඳුණු ජාතිය අත්පත් කර ගෙන එය චීන කොලනියක් බවට පත් කළ හැකි නිසා බවයි.

Latest News

More like this

බංගලාදේශයේ පළමු අගමැතිනිය කලීඩා සියා සමුගනී

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි බේගම් කලීඩා සියා අභාවප්‍රාප්ත වී තිබෙනවා....

ඊශ්‍රායාලය සෝමාලිලෑන්ඩ් පිළිගත් පළමු රට බවට පත් වුණේ ඇයි?

සෝමාලිලෑන්ඩ් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්පළමු...

විගණකාධිපති පත් කරන ලෙස ජ්‍යාත්‍යන්තර හා දේශීය සංවිධාන 20කින් ජනපතිට බලපෑම්

විගණකාධිපති ධුරය වහාම පුරවන ලෙස ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, ශ්‍රී...