ආර්ථික කමිටු අතර විවාදය ඒක පාර්ශවිකව තියන්න සජබයෙන් සැලසුමක්

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර ආර්ථික කමිටු විවාදය සඳහා ඒක පාර්ශවිකව දිනයක් සහ ස්ථානයක් නම් කිරීමට සමගි ජනබල වේගයේ සූදානම් වන බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

ජාතික ජන බලවේගය හා ස්වාධීන රූපවාහිනිය විසින් ඒක පාර්ශිකව නායකත්වය විවාදය සඳහා දිනයක් යොදාගෙන තිබූ ආකාරයෙන්ම මෙම විවාදයද සංවිධානය කරන බවයි ඔවුන් පවසන්නේ.

පක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කළේ ඉතා ඉක්මනින්ම මෙම විවාදය සදහා දිනයක් සහ ස්ථානයක් නම් කරන බවයි.

ජාතික ජන බලවේගයට ඊට නිල වශයෙන් ආරාධනා කරන බවත් ඔවුන් පැමිණියද නැතද යොදා ගන්නා දිනයට විවාදය පවත්වන බව ඔහු පවසා තිබෙනවා.

මෙය සජීව විකාශය සදහා සියළු මාධ්‍ය නාලිකාවන්ට ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බවත් සමාජ මාධ්‍ය වලටද ඊට අවස්ථාය දීමටද කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.

එම විවාදයෙන් අනතුරුව නායකයන් අතර විවාදය සඳහාද දිනයක් නම් කර ගත හැකි බවත් ඔහු පවසයි.

ජාතික ජන බලවේගය දිගින් දිගටම ආර්ථික කමිටු විවාදය මගහරිමින් සිටින බවත් ඊට හේතුව වී ඇත්තේ ඔවුන්ට කිසිදු ආර්ථික වැඩපිළිවෙළක් නොමැති වීම බවත් පැවසූ ඔහු තම පක්‍ෂයේ ආර්ථික වැඩපිළිවෙල වැඩපිළිබඳ බ්ලූ ප‍්‍රින්ට් ලෙස ඉදිරිපත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වාද විවාද ඕනෑ තරම් පවතිනවා.

නමුත් ජාතික ජන බලවේගය කිසිදු ආකාරයක වැඩපිළිවෙළක් දී මේ වන තෙක් ඉදිරිපත් කර නැති බවද විවිධ පුද්ගලයන් කටින් කියන දේ ආර්ථික ප්‍රතිපත්තිය ලෙස සලකන ලෙස අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර ඇති බවත් ඒ අනුව ඔවුන්ට කිසිදු වැඩපිළිවෙලක් නැති බව පැහැදිලි වන්නේ යයි සමගි ජන බලවේගයේ ප්‍රකාශකයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා තිබෙනවා.

Latest News

More like this

සෞඛ්‍ය කෝටි 3923ක් නීතිවිරෝධීව ඕටී ගෙවලා

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට...

ලෝක බල අරගලය, මෙරට බල හුවමාරුවකට හේතු විය හැකියි.. හිටපු ජනපති රනිල්

ලෝක බල අරගලයක් දෙසට ගමන් කරමින් සිටින පසුබිමක මෙරට...

විද්‍යුත් පාස්පෝට් සිද්ධිය : අධිකරණයට අපහාස කළ බව ඉලූ‍ක්පිටිය පිළිගනී

විද්‍යුත් විසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන...
error: Content is protected !!