ශ්‍රී ලංකා කණ්ඩායමට වෙනස්කම් කළ ICC යට එරෙහිව අපි ක්‍රියාමාර්ග ගන්නවා – හරීන්

විස්සයි20 ලෝක කුසලානය සඳහා අමෙරිකාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අපහසුතාවයට පත්ව ඇති බව පිළිගත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) දැනටමත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පවසා තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ICC විවිධ රටවල ක්‍රිකට් පාලක මණ්ඩලවලට වෙනස් ලෙස සලකන බවයි.

උදාහරණයක් ලෙස,නවාතැන් ගන්නා ස්ථානයේ සිට ක්‍රීඩාංගනයට වැඩිම කිලෝමීටර් සංඛ්‍යාවක් ඇති පළමු කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම වන අතර දෙවැනි කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ප්‍රශ්න රැසක් මධ්‍යයේ ICC විසින් T20 ලෝක කුසලානය ඇමරිකාවේදී පවත්වන බව පැවසූ අමාත්‍යවරයා මේ වන විට ICC විසින් USA ක්‍රිකට් පාලක මණ්ඩලය තහනමකට ලක් කර පවතින බව ද සඳහන් කළා.

තහනමක් පවතිද්දීත් ICC විසින් මෙම තරඟාවලිය ඇමරිකා එක්සත් ජනපදයට පැවැත්වීමට අවසර දී ඇති බව පවසන ඔහු ICC තහනම හේතුවෙන් 2024 පිරිමි අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකාවට අවසර නොලැබුණු බව පැවසුවා.

ICC වාර්ෂික මහා සභා රැස්වීම (AGM) ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බවත්, මෙම රැස්වීමේදී මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය විරෝධය පළ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...