100 ඩේටා කාඩ් එකෙන් මාසෙම ඉන්ටර්නෙට් යන බහුතරයක් ලාංකිකයන්ට එලෝන් මස්ක්ගේ Starlink හීනයක් වෙන ලකුණු

Starlink විසින් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා දියත් කරන විට මූලික සම්බන්ධතාවය සඳහා ඇමරිකානු ඩොලර් 400-600 අතර මුදලක් අය කළ හැකි බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මධුසංක දිසානායක පැවසුවේ, මෙම සේවාව සඳහා මූලික සැකසුම හෝ ලියාපදිංචි කිරීමේ පිරිවැය ඇමෙරිකානු ඩොලර් 400 ත් 600 ත් අතර පරාසයක පවතින බවයි.

මාසික ගාස්තුව ඩොලර් 99 කි.

Starlink තවමත් ශ්‍රී ලංකාවේ දුරකථන ජාල සමාගමක් ලෙස ස්ථාපිත වී නැති අතර
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විදුලි සංදේශ නියාමන පනතේ 17 සහ 22 වගන්ති යටතේ එයට සංඛ්‍යාත බලපත්‍රයක් ලබා දෙමින් අනුමත කර ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මාධ්‍ය අමතමින් සඳහන් කළා.

විදුලි සංදේශ සේවා සපයන්නන්ගේ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා පනත ඉදිරියේදී සංශෝධනය කිරීමට නියමිත බව ද එහි දී සඳහන් වුණා.

චන්ද්‍රිකා තාක්‍ෂණය ලොව ඕනෑම තැනක අන්තර්ජාල ප්‍රවේශය සඳහා ඉඩ සලසන අතර ශ්‍රී ලංකාවේ පවතින ෆයිබර් තාක්‍ෂණයට වඩා කිහිප ගුණයක වේගයක් ඉන් ලබා දීම සිදු වෙනවා.

මෙම අන්තර්ජාල සේවාව අනුමත කිරීම සම්බන්ධයෙන් විධිමත් මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියක් සඳහා සති දෙකක කාලයක් වෙන් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

මෙම කාලසීමාවෙන් පසු එම සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගනු ඇති බව සඳහන්.

Latest News

More like this

‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

'දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004...

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...