ප්‍රේමදාසගේ පුතා ඕනෑම විවාදයකට ලෑස්තියි

සමගි ජන බලවේගයේ තමන් ඇතුළු කණ්ඩායම ඕනෑම මොහොතක ඕනෑම අයෙක් සමඟ විවාදයට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබෙනවා.

එසේ නමුත් නායකයින් අතර විවාදය සිදුවන්නේ විවාද දෙකම සිදුවන්නෙ නම් පමණක් බව නැවත ප්‍රකාශ කරමින් ඔහු පවසන්නේ ඕනෑ නම් විවාද දෙකටම දින ආසන්නයේ යොදා ගත හැකි බවයි.

තමා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමඟ විවාදයට නොපැමිණියේ නොහැකියාව නිසා නොවන බව ඔහු අවධාරණය කර තිබෙනවා.

ජාතික ජන බලවේගය ආර්ථික කමිටු අතර විවාදය මඟ අරින බවත් ඔවුන්‍ට ආර්ථික කමිටුවක් හෝ ප්‍රතිපත්තියක් නැතැයි සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළා.

එසේ සඳහන් කරමින් ඔහු පැවසුවේ ජනපති ප්‍රේමදාසගේ පුතා හෝ ඔහුගේ කණ්ඩායම කිසිවිටක විවාද මඟ නොහරින බවයි.

Latest News

More like this

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...